රනිල්ගේ ගෑස් සිලින්ඩරයට බාල්දියක්. මැ.කො. ට පැමිණිලි කරයි. නඩුවකුත් වැටෙන ලකුණු !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති ඡන්ද සලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානය කටයුතු කර තිබේ.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති “ගෑස් සිලින්ඩරය” ලකුණ පළාත් පාලන මැතිවරණය සඳහා තමන්ටත් ලබාදී ඇති අතර පළාත් පාලන මැතිවරණය මෙතෙක් නොපැවැත්වුණ ද එහි නාමයෝජනා අහෝසි කර නොමැති බැවින් සහ තමන් එම ලකුණෙන් තරග වැදීමට ඇප මුදල් තැන්පත් කර ඇති බැවින් මෙය ගැටලු සහගත බවයි ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර මහතා සඳහන් කළේ.

“2023 පළාත් පාලන මැතිවරණයට ජන අරගලයේ පුරවැසියෝ විදියට අපිට මැතිවරණයට තරග කරන්න දේශපාලන පක්ෂයක් නැති හින්දා අපි විවිධ දිස්ත්‍රික්කවලට ස්වාධීන කණ්ඩායම් වශයෙන් අපේ කණ්ඩායම් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අවස්ථාවේදී මැතිවරණ ලේකම් කාර්යාලය විසින් කළුතර දිස්ත්‍රික්කයේ අපට තරග කිරීම සඳහා ලබාදීලා තිබුණෙ ගෑස් සිලින්ඩරය ලකුණ. අපේ නාමයෝජනා අවලංගු කරලා නෑ. අපි ඇප මුදල් බැඳලා තියෙනවා. එතකොට මේ මදුරාවල ප්‍රාදේශීය සභාව, කළුතර ප්‍රාදේශීය සභාව, පානදුර නගර සභාව, ප්‍රානදුර ප්‍රාදේශීය සභාව කියන ආයතන 4 ට අපි තරග කරන්නෙ ගෑස් සිලින්ඩරය ලකුණින්. ජනාධිපතිවරණය කැඳෙව්වාට පස්සෙ රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂයෙක් විදියට ගෑස් සිලින්ඩරය සලකුණ තෝරා අරගෙන තියෙනවා. අපි මැතිවරණ කොමිසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්තයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා රනිල් වික්‍රමසිංහ වෙත ලබාදී තියෙන ගෑස් සිලින්ඩරය සලකුණ වහාම අහෝසි කරන්න”

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වන බවයි එම සංවිධානයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...