දකුණු අප්‍රිකාවේ මිලියන 68කට ආසන්න ජනතාවක් නියඟයෙන් පීඩා විඳියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ‘එල්නිනෝ ‘ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් නියඟයෙන් පිඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

වර්ෂාව ප්‍රමාදව ලැබීම හේතුවෙන් බෝග හා පශු සම්පත් නිෂ්පාදනය පහත වැටී ඇති අතර රටවල් කිහිපයකම අහාර හිගයක් ඇතිව තිබේ. දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවේ (SADC) විධායක ලේකම් Elias Magosi ප්‍රකාශ කර තිබුණේ, කලාපයේ ජනගහනයෙන් සියයට 17 ක් මිලියන 68 ක ජනතාවකට ආධාර අවශ්‍ය වන බවයි.

සිම්බාබ්වේ, මලාවි සහ සැම්බියාව 2024 මුල් භාගයේ ආරම්භ වූ නියඟය නිසා ඇති වූ මන්දපෝෂණයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ දකුණු අප්‍රිකාවේ රටවල් අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය මාසයේ සඳහන් කර තිබුණේ, දේශගුණික විපර්යාසවල බලපෑම් තීව්‍ර වන විට, නියඟය, සුළි කුණාටු, ගංවතුර සහ ලැව්ගිනි සමඟ කාලගුණික රටා වඩාත් ආන්තික වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...