නාමයෝජනා දෙනකොටම අපි දිනලා ඉවරයි. 21 තියෙන්නෙ මැ.කො. ගෙන් සහතිකය ගන්න විතරයි – ටිල්වින්

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදෙන මොහොත වනවිටත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර අවසාන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“මේ සැරේ ජනාධිපතිවරණය අපට හොඳ දේශපාලන පාඩම් උගන්නලා තියෙන්නෙ. මොනවද ? 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂනෙ. අද වෙලා තියෙන්නෙ මොකක්ද ? අද පොහොට්ටුවක් නෑ. නටුව විතරයි තියෙන්නෙ. දැන් නාමල් රාජපක්ෂ නටුවට වෙලා ඉන්නවා. මං දැක්කා ඔය මුහුණු පොතේ දාලා තියෙනවා නාමල් රාජපක්ෂට දැන් බරපතළම තරගය තියෙන්නේ සීලතරන හාමුදුරුවොත් එක්ක කියලා. අපට කිට්ටුවටවත් එන්න පුළුවන්කමක් නෑ. ඊළඟට ඉන්නවා අපට පහළින් කවුද, සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඉන්නවා, රනිල් මහත්තයාත් ඉන්නවා. දෙකට බෙදිච්ච යූඑන්පියත් එක්ක අපට සටනක් තියෙනවාද කියන්නකො, අපට සටනක් නෑ. ඒ නිසා අපි කියන්නෙ මේ ජනාධිපතිවරණය නාමයෝජනා දෙනකොටම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරලා අවසන් වෙච්චි එකක් තියෙන්නෙ. අපට 21 තියෙන්නෙ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් සහතිකය ගන්න විතරයි”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) තංගල්ලේදී පැවති අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ජන රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවට අදාළ විමර්ශනය CID විසින් අවසන් කරයි..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...