නාමයෝජනා දෙනකොටම අපි දිනලා ඉවරයි. 21 තියෙන්නෙ මැ.කො. ගෙන් සහතිකය ගන්න විතරයි – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදෙන මොහොත වනවිටත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර අවසාන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“මේ සැරේ ජනාධිපතිවරණය අපට හොඳ දේශපාලන පාඩම් උගන්නලා තියෙන්නෙ. මොනවද ? 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂනෙ. අද වෙලා තියෙන්නෙ මොකක්ද ? අද පොහොට්ටුවක් නෑ. නටුව විතරයි තියෙන්නෙ. දැන් නාමල් රාජපක්ෂ නටුවට වෙලා ඉන්නවා. මං දැක්කා ඔය මුහුණු පොතේ දාලා තියෙනවා නාමල් රාජපක්ෂට දැන් බරපතළම තරගය තියෙන්නේ සීලතරන හාමුදුරුවොත් එක්ක කියලා. අපට කිට්ටුවටවත් එන්න පුළුවන්කමක් නෑ. ඊළඟට ඉන්නවා අපට පහළින් කවුද, සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඉන්නවා, රනිල් මහත්තයාත් ඉන්නවා. දෙකට බෙදිච්ච යූඑන්පියත් එක්ක අපට සටනක් තියෙනවාද කියන්නකො, අපට සටනක් නෑ. ඒ නිසා අපි කියන්නෙ මේ ජනාධිපතිවරණය නාමයෝජනා දෙනකොටම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරලා අවසන් වෙච්චි එකක් තියෙන්නෙ. අපට 21 තියෙන්නෙ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් සහතිකය ගන්න විතරයි”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) තංගල්ලේදී පැවති අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ජන රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...