ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජීවන්ගේ සහය ජනපතිට!

0
492

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (18) හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

තවද, හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ඔහු අනුරාධපුරේ ඊයේ (17) පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මංගල රැලියටද සහභාගි වූ බව සඳහන් වේ.