සමගි ජන බලවේගයෙන් සහ සමගි ජන සන්ධානයෙන් පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

කොළඹ අගරදගුරු නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කිරීම සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත්, එය පාර්ලිමේන්තුවේදී පවා සභාගත කර ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය.

මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද?, එහි සත්‍ය හෙළිකර ගත්තාද යන්න බවත් නිසා ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් පරීක්ෂණ සිදුකර කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාව දැනුවත් කරන බවද සජිත් ප්‍රේමදාස පැවසීය.

එබැවින් පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත්, එම සත්‍ය කෙසේ හෝ සොයා බලා ඊට සම්බන්ධ වූ සියලු‍දෙනාට උපරිම දඬුවම් ලබාදෙන බවටද විපක්ෂ නායකවරයා මෙහි දී කාදිනල් හිමි ඇතුළු රදගුරුතුමන්ලාට පොරොන්දු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...