රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් , යුත් විෂන් 2048 කණ්ඩායම විසින් සංවිධානය කරන ලද Youth හමුව අනුරාධපුරය වැඩසටහන අනුරාධපුර සීදේවි හෝටල් පරිශ්රයේදී පැවැත්විණි.
එහිදී සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේදි යුත් විෂන් 2048 කණ්ඩායම වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කරන බව නිළ වශයෙන් දැනුම් දුනි. එම අවස්ථාවට සහභාගි වූ සියලුම තරුණ තරුණියන් එම තීරණයට සහය පළ කළ බව වාර්තා වේ.