සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්, ඔවුන්ගේ අලගිය මුලගිය තැන්, සැමරුම්, ඉන්ටර්විව්ස්, රතු පලසෙහි ඇස් ගිය තැන්, උපන්දිනයන්.. එකී මෙකී නොකී දෑ දැන ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!
සටහන – පුලී
අගෝස්තු 18, කොළඹ (LNW): ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ රංගනය සැමවිටම තීව්‍ර අත්දැකීමක් රසිකයාට ජනනය කරයි. හොවාර්ඩ් හියුස්ගේ මානසිකත්වය, ජෝර්ඩන් බෙල්ෆෝර්ට්ගේ සිතන පතන ආකාරයෙහි සිට හියු ග්ලාස් කටයුතු කරන ආකාරය දක්වා හොලිවුඩයේ සියලු කාලයේ ශ්‍රේෂ්ඨතමයෙකුගේ වැඩ කිඩ අපි නරඹමින් සිටිමු.

ඔහුගේ නවතම චිත්‍රපටය වන One Battle After Another ද ඊට කදිම නිදසුනක් සපයනු ඇත. ඩිකැප්‍රියෝ එහි, බොබ් ෆර්ගියුසන් ලෙස පෙනී සිටින අතර, ඔහු නව යොවුන් වියේ දියණියක වන විලාගේ පියා ලෙස සිය රංඟනයෙන් දායක වේ. ඔහුට ප්‍රතිවිරුද්ධව ටෙයානා ටේලර් ඇබ්සන්ඩ් මව ලෙසත්, බෙනිසියෝ ඩෙල් ටොරෝ මිතුරා ලෙසත්, ෂෝන් පෙන් දුෂ්ටයා ලෙසත් කටයුතු කරනු ඇත.
One Battle After Another යනු විශාල පරාසයක් සහිත චිත්‍රපටයකි – මෙය දේශපාලනික මුහුණතක් සහිත ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. නමුත් එහි හරය තුළ ගැබ්ව ඇත්තේ පියෙකු සහ දියණියක් පිළිබඳ කතාවක් වන අතර ඔබ ආදරය කරන පුද්ගලයින් වෙනුවෙන් කරන්නට පුලුවන් උපරිමය ගම්‍ය කරයි.


මෙහි රචකයා සහ අධ්‍යක්ෂවරයා Paul Thomas Anderson වන අතර, ඔහුගේ චිත්‍රපට වන Boogie Nights, Magnolia සහ There Will Be Blood ආදිය කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට දෘශ්‍යමය හා බොහෝ විට හිත් ගැස්සෙන ඒවා හෝ හාස්‍යජනක විය හැකි අතර, පොඩි පොඩි ශෘංගාරාත්මක තත්ත්වයන් ද නිරූපණය කරයි.
“One Battle After Another” යනු Paul Thomas Anderson ඩිකැප්‍රියෝ සමඟ කරන ඔහුගේ පළමු චිත්‍රපටය වන අතර මෙය 2025 සැප්තැම්බර් 26 වන දින වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් විසින් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිකුත් කිරීමට නියමිතය.

