හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ අනුව, ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට ලබන 20 වනදා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

හිටපු අමාත්‍යවරයාව මෙසේ කැඳවා ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව බවත් ඔහු අමාත්‍ය ධුරය දැරූ සමයේදී නීතිවිරෝධී ලෙස දේපළ හෝ වත්කම් උපයාගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම විමර්ශනය සිදුකෙරෙන බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...