උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

Date:

අද (18) දිනයේදී උතුරු – නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව ඇති හර්තාල් ව්‍යාපාරය අසාර්ථක වන ලකුණු පහළ වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ, උතුරු – නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් අතර පවතින අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඇතැම් වෙළඳ සංගම් මෙම හර්තාලයට සහාය නොදැක්වීමට තීරණය කර ඇති බවත් වාර්තා විය.

ත්‍රස්ත්වාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, දෙමළ ජනතාවගේ ඉඩම් ගැටලු නොවිසඳීම සහ පසුගිය 07 වනදා මුලතිව් ප්‍රදේශයේ හමුදා කඳවුරකට ඇතුළු වූ 32 හැවිරිදි තරුණයකුගේ අබිරහස් මරණය යන කරුණුවලට විරෝධය පළකරමින් මෙම හර්තාල් ව්‍යාපාරය කැඳවීමට ඉලංගෛ තමිල් අරසු පක්ෂයේ නායකයින් කටයුතු කර තිබුණු අතර ඊට වතුකරයේ ඇතැම් පක්ෂ ද සහාය ලබාදෙන බව පවසා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...