යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා සෙලෙන්ස්කි ඇතුළු යුරෝපා සංගම් නායකයන් රැසක් ට්‍රම්ප් හමුවීමට අද ධවල මන්දිරයට පැමිණේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන් එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හා යුරෝපා සංගමයේ නායකයන් පිරිසක් අද(18)ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිත බව වාර්තා වේ.

‘රුසියාව සමඟ යුද්ධය අවසන් කරන්නේ කෙසේද? ‘යන්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වොෂින්ටනයේදී සෙලෙන්ස්කි සමඟ එක්වන නායකයින් අතර නේටෝ මහලේකම් මාර්ක් රූට් සහ එක්සත් රාජධානියේ අගමැති සර් කියර් ස්ටාමා, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ඇතුළු කිහිප දෙනකු එක්වනු ඇති බව කියැවේ.

ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරන පරිදි, ඇලස්කාවේ පැවති ට්‍රම්ප්-පුටින් රැස්වීමෙන් යුක්රේන නායකයා බැහැර කිරීමෙන් පසු, ට්‍රම්ප් සෙලෙන්ස්කිට කොන්දේසි වලට එකඟ වන ලෙස බලපෑම් කිරීමට උත්සාහ කළ හැකි බවට යුරෝපීය නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බවයි.

කෙසේ නමුත්, ට්‍රම්ප් සහ එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ ඇති වූ ආරවුලකින් පසු හදිසියේම අවසන් වූ සෙලෙන්ස්කිගේ පෙබරවාරි සංචාරය නැවත ඇතිවීම වළක්වා ගැනීමට නේටෝ නායකයින් ද උනන්දු වන බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...