සුමන්තිරන්ලාගේ හර්තාලයට බාල්දි පිට බාල්දි!

Date:

කොළඹ LNW:උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද (18) පැවැත්වීමට නියමිත හර්තාල් ක්‍රියාමාර්ගයට සහය නොදෙන ලෙස අපේ පරපුර පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම හර්තාලයට එරෙහිව ඊයේ (17) පෙරවරුවේ දේව කන්නලව්වක් මෝදර බත්තර කාලි අම්මන් කෝවිලේදී පැවැත්විය.

උතුරේ හමුදාව ඉවත් කළ යුතු බවට සුමන්තිරන් මහතා ඇතුළු පිරිස ජනතාව නොමඟ යවමින් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරිමට උත්සහ දරන බවයි එම හර්තාලයට විරෝධය පළකරමින් අපේ පරපුර පක්ෂයේ නායක සිධම්බරන් කරුණානිධි මහතා පැවසුවේ.

පසුගිය මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයන්හිදී සුමන්තිරන් මහතාට ආරක්ෂාව සපයා තිබූ අතර දැන් එම ආරක්ෂාව නොමැති හෙයින් අනවශ්‍ය ලෙස උතුරේ හමුදාව ඉවත් කළ යුතු බවට ප්‍රශ්නයක් නිර්මාණය කරමින් පසුවෙන බව කරුණානිධි මහතා සඳහන් කළේය.

උතුරෙන් හමුදාව ඉවත් කරනවද නැද්ද කියා තීරණය කළ යුත්තේ මේ රටේ ජනාධිපතිවරයා මිස සුමන්තිරන් වැනි අය නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සුමන්තිරන් වැනි අයව මේ වන විට ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන පසුබිමක පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන ජන්ද ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බවද කරුණානිධි මහතා සඳහන් කළේය.

එම නිසා උතුරු නැගෙනහිර ජනතාව එම රැවටිලිවලට හසු නොවී තමන්ගේ රැකියා කටයුතු සුපුරුදු පරිදි සිදුකර හර්තාලයට සහය නොදක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

රවුෆ් හකීම්, දිගම්බරන්, මනෝ ගනේෂන් වැනි අයද සුමන්තිරන්ලට සහය දක්වන බව ඔහු පැවසීය.

ආණ්ඩුව විසින් නිසි ලෙස රට පවත්වාගෙන යන පසුබිමක ජනතාව විපක්ෂයේ බොරුවලට හසු නොවිය යුතු බවව ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...