නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW:
මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ කබඩි කාන්තා සූරතාවය දිනා ගන්නට ඌව පළාත් කණ්ඩායම සමත් වුණා.රට මැදට වන්නට වෙරළක් අහිමි ප්‍රදේශයක් වන ඌව කණ්ඩායම මේ සූරතාවය සඳහා අවශ්‍යය පොළව ආසන්න ලෙස නිර්මාණය කර ගනිමින් මේ තරගාවලියට සූදානම් වන්නට ඇතැයි සිතිය හැකියි.ලෝකයේ වෙරළ ආශ්‍රිත ක්‍රීඩාවන් ජනප්‍රිය සංස්කෘතියක් වන අතර ඒ ක්‍රීඩාවල නියැලෙන මඋම රටකටම වෙරළක් හිමිවන්නේ නැති බව ද අප අවධානයට යොමු කළ යුුතුයි.
කෘතිම වෙරළ පරිසර නිර්මාණය කරමින් සංචාරක ආකර්ශණය සඳහා ඇතැම් විනෝදාස්වාද වෙරළ ක්‍රීඩාවන් පවත්වාගෙන යන රටවල් මෙන්ම වෙරළ ක්‍රීඩාවන්ගෙන් ජයග්‍රහණ ලබා ගන්නා වෙරළක් අහිමි රටවල් ද ලෝකයේ තිබෙනවා.වෙරළ කබඩි ක්‍රීඩාව කරන වෙරළවල් නැති රටවල්, පාෂාණ, ගල් හෝ බොරළු සුදුසු වැලි වැනි අනුකූලතාවයකට තලා දැමීමෙන් ස්වභාවික වෙරළ වැලි සඳහා ආදේශකයක් ලෙස යොදා ගන්නා බව ලෝකයම දන්නා කරුණක්.

එහෙත් ඌව පළාතේ කබඩි වෙනුවෙන් එවැනි සත්කාරයක් සහිත කෘතිම පොළවක් නොලැබුණු බව සහතිකයි.ඒ පළාතේ මෙන්ම රටේද තියෙන පොහොසත්කම අනුව තිරණය වන දෙයක්.ඒ නිසා බොහෝ බූමි සාධක ද නැතුව සටන් වැද වෙරළ කබඩි සූරතාවය උ්වට දිනා දෙමින් වෙරළක් සහිත නැගෙනහිර දෙවන තැනට පත් කරන්නට ඌව හැකිවීම අගය කළ යුතුයි.
පිරිමි සූරතාවය නැගෙනහිර පළාතට හිමි වූ අතර එහිදී ද ඔවුන්ට අවසාන තරගයේදී පරාජය කරන්නට සිඳු වූයේ වෙරළක් නොමැති පළාතක කණ්ඩායමක් වන උතුරු මැද පළාත් කණ්ඩායමයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිතව නිර්මාණය වුණ ක්‍රීඩා සංස්කෘතියක් හෝ වෙරළ පදනම් කරගෙන වන ක්‍රීඩාවන් වෙනුවෙන් වෙන් වූ වෙනම අවධානයක් දකින්නට කැති අතර යම්තාක් දුරට එම තත්ත්වය දැකිය හැක්කේ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවට අදාළව පමණයි.ඒ නිසා ක්‍රීඩාව වෙරළට එන්නේ හෝ වෙරළෙ එනමින් යුත් ක්‍රීඩාව ක්‍රීඩා කරන්නේ සාමාන්‍ය පොළවේ එම ක්‍රීඩාව නියෝජනය කරන පිරිස් බව ද මෙහිදී අවධානයට ලක් කළ යුතු වෙනවා.ඒ තත්ත්වය අනුව මෙවැනි ක්‍රීඩාවන් හී ජය සමරන අතරේම ශ්‍රී ලංකාවේ වෙනම වෙරළ ක්‍රීඩාව සඳහා වන අවධානයක් ඇති කළ යුතු වෙනවා.ඊට අවශ්‍යය භෞතික සම්පත් ලබා දීම මෙන්ම වෙරළක් නොමැති ප්‍රදේශවල ඒ තත්ත්වයන් කෘතිමව නිර්මාණය කිරීමත් වැදගත් වෙනවා.

වෙරළ සහ සාමාන්‍ය පොළව තර ඇති පරතරයන් දෙක සමාන නොවන්නා සේ එම අසමානකම් ක්‍රීඩකයාගේ නිරෝගි සිරුර කෙරෙහි බලපෑමක් ඇති කරන්නට තිබෙන ඉඩ ද සුළුවෙන් තකන්නට බැහැ.මේ ජයග්‍රහණ ගැන ප්‍රචාරය කරන අතරේම මේ කාරණයද පණතින්ම තමන්ගේ වෘත්තියට ක්‍රීඩා පරිපාලනයට ඇති සුදුසුකම සකසා ලංකාවේ ප්‍රධානම වෘත්තීන් හතරෙන් එකක් කළ ක්‍රීඩා ඇමතිතුමාට දැනෙනවානම් යහපත් වෙනු ඇත.
දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඌව පළාතේ එම්. ඒ.ටී කාංචනා තේරී පත් වූ අතර දක්ෂතම ක්‍රීඩිකයා ලෙස නැගෙනහිර පළාතේ එස්.එම් සබිහාන් ඇගයීමට ලක් විය.