පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

Date:

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයට සහභාගී වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල යන මහත්වරු ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා ජිනීවා නුවර පිහිටි ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගත්හ.

ජාත්‍යන්තර බෞද්ධ විහාරය පිහිටුවා මේ මස 31 වන දිනට වසර 31ක් පිරීම නිමිතිකොට පැවැත්වෙන උත්සවයක් අලලා සකස් කරන ලද කුඩා අනුස්මරණ ග්‍රන්ථයක් (පොත් පිංචක්) එහි සංස්කාරක විහාරාධිකාරී පූජ්‍ය හල්පිටිගල සුජාත හිමියන් විසින් එහි මුල් පිටපත අමාත්‍ය ධම්මික මහතාට පිලිගැන්වූ අවස්ථාවට ආචාර්ය තවලම ධම්මික හිමියන් සහ තායි ජාතික පක්කරෝ හිමි යන හිමිවරුන් සහ කුමාර රණසිංහ, සංජය ප්‍රනාන්දු යන මහත්වරුද සහභාගී වූහ.

පරිසර අමාත්‍ය ධම්මික මහතා ආචාර්ය තවලම ධම්මික හිමියන්ගේ ආනන්ද මහා විද්‍යාලීය ශිෂ්‍යයෙක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...