රාජකීය රොකට් පුත්තු තෙල් ගනුදෙනු වලිනුත් ගසා කනවාදැයි සැකයි – චම්පික

Date:

ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී දැවැන්ත වංචාවක් සිදුවන බවට සැකයක් ඇතිවී තිබෙන බවත් වහාම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් හෝ විමර්ශනය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“ඇත්තටම ලංකාවේ ලොකුම ආනයන බිල තමයි අපි ගත්තොත් ඛනිජ තෙල් ඒ වගේම ගෑස් සහ ගල් අඟුරු ඒ කියන්නේ ඉන්ධන බිල ඉතින් මේ සම්බන්ධයෙන් විවෘත ආකාරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකලොත් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් දෙදාස් පහළවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මම භාර ගන්න කොට ප්‍රසම්පාදන ආයතන පහකට තෙල් ගෙන්නන්න දීලා තියෙනවා. අපි තෙල් ගෙන්නන්න ඒ අවස්ථාවේදී නිල වශයෙන් රෙජිස්ටර් වෙලා තිබුණා ආයතන හැට හතරක්. අපි ඒ ආයතන හැට හතරම ගෙනාවා. ගෙනල්ලා ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ කරන්නැත්තේ? ඇයි නිදහස් තරඟයකට එන්නේ නැත්තේ? ඒගොල්ලෝ කිව්වේ මොකක්ද? අපි මේවට ගිහිල්ලා බිට් බොන් බැන්දට වැඩක් නෑ. අපි දන්නවා මේවා අහවල් පුත්තුන්ගේ, අහවල් ඥාතීන්ගේ ආයතන වලට තමයි මේවා යන්නේ. ඒ නිසා අපි මේවට එන්නේ නැහැ කියලා. අපි ඒගොල්ලන්ට කිව්වා නැහැ අපි විවෘත කරනවා. හැම කෙනාටම නිදහස් තරගයට. ඕගොල්ලෝ මේවට එන්න. අපි මෙන්න මේ ආකාරයටයි කරන්නේ කියලා. අපි මොකක්ද කළේ? අපි ඔය කොමිස් ගහපු සල්ලි, කෝටි හයදාස් හත්සීයක් ජනතාවට ලබාදුන්නා. ඩීසල් අඩු කරලා, පෙට්‍රල් අඩු කරලා, භූමිතෙල් අඩු කරලා ලබා දුන්නා.

අපි මේ හඳුන්වන ඔය ප්‍රිමියම් කියන එක, එහෙම නැත්නම් පාරිතෝෂිකය කියන එක පහුගිය කාලවල් වල බැරලයකට, ඩොලරයක්. ඒ කියන්නේ ඒකට තියෙනවා මේ ප්‍රේට් චාර්ජ් එක සහ තවත් ඇගයීම් කිහිපයක්. එකයි. දෙකයි, තුනයි, හතරයි. ඒ වගේ. සමහර අවස්ථාවල අටටත් ගිහින් තියෙනවා. දැන් මේක ඇත්තටම නැව් දෙකක් ගේනකොට තව නැවක් ගේන්න පුළුවන්. ඒ සල්ලි වලින්. ඒ වගේම අපිට පේනවා කැස්පියන් මුහුද හරහා රුසියාව හරහා එන තෙල් අපි කවුරුත් දන්නවා ඒවා ඩොලර් තිස්පහක් අඩුවෙන් තමයි ගල්ෆ් මුහුදට. එහෙම නැත්නම් ඉන්දියන් මුහුදට එන්නේ ඉරානයේ තොටුපොළවල් හරහා. හැබැයි ලංකාවට දාන්නේ මොකක්ද? අර බ්‍රෙන්ට් ප්‍රයිස් එක දාන්න. එතකොට පටන් ගන්නකොටම ඩොලර් තිහක්, තිස්පහක් අතේ තියාගෙන. ඊළඟට අපේ තියෙන මුල්‍ය අර්බුදය නිසා අපට සීයට එකසිය විස්සක් ගෙවන්න වෙලා තියෙනවා. මේ මිල ගාණට වඩා වැඩියෙන් සීයට විස්සක්. ඒ විස්ස අපිට ආපහු හම්බවෙනවා. නමුත් ආරම්භයේ ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඔක්කොගෙම කාටද යන්නේ වාසි? කාටද යන්නේ? ජනතාවට තමයි මේකේ පාඩුව යන්නේ. වාසිය කිහිප දෙනෙක් උකහා ගන්නවා. ඒ නිසා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලි පිළිබඳ විනිවිදභාවය විවෘතභාවය, මේ අන්සොලිසිටඩ් කතා. අපි කොච්චර අමාරුවෙන්ද මේ ඩොලර් ටික මහ බැංකුව හොයාගන්නවා ඇත්තේ?

මේ ගැන කප් ගහපු අය ගල් අඟුරු ගෙන්නලා මේ රටට දෙදාස් දොළහේ නැව් පහක් ගෙන්නලා ඒ හරහා රොකට් යවනවා කියලා ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි හතලිස් නමයක් වංචා කරපු කල්ලි කණ්ඩායම් රාජකීය පුත්තු අද මේ රටේ තෙල් එකටත් අත තියලා මේ රටේ ජනතාව මේ අස්සෙත් ගසා කනවාද කියන සැකය මතුවෙලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳ විවෘත නොවුනොත් මේ රටේ මහජනතාවගේ නැවත නැගී හිටීමක් වළක්වන්න බෑ. ඒ නිසා දැන්වත් මේ පවුල මේ රට හූරන් කන එකෙන්, මේ රටේ පවුල් පනස් පන් ලක්ෂයක් පාරට ඇදලා දාලා දැන්වත් මේකෙන් ඉවත් වෙලා ඉන්න හිත හදාගෙන නෑ. ඒකේ පාපය අද අපට, අපේ ජනතාවට නැවත නැවතත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ගැන විවෘත භාවයක් අවශ්‍යයි.කෝප් කමිටුව හෝ පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියට කැඳවලා මේ පිළිබඳ මූලික විමර්ශනයකින් පස්සේ මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා”

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වැනි සේනාංකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...