*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්ත්වය මෙන්න!

කොළඹ LNW:ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව තිබේ.

පිළිගත් අන්තර් ජාතික මිණුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ත් 6%ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය වුවත් එහෙත් ශ්‍රී ලංකාවේ මේ වන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉන් අඩකට වඩා අඩු අගයක් වන 2% කට වඩා අඩු ප්‍රමාණයක් බවයි දැක්වෙන්නේ.

යුනිසෙෆ් සංවිධානය විසිනුයි මේ බව අනාවරණය කරන්නේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සහ UNICEF සංවිධානය එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් අහිමි වූ අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනට මුලපුරා තිබේ. රට පුරා විසිරී සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් පැවති කොවිඩ් වසංගත උවදුර සහ පවතින ආර් ථික අර් බුදය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බවයි වාර්තා වන්නේ. 3 වන ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් ගණනය කිරීම සහ සාක්ෂරතාව වැනි මූලික කුසලතාවන්හි අවම ලකුණු මට්ටම් පවා ලබා ගෙන නොමැති බව ඒ පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර් තාවක දැක්වෙන බව සඳහන්. එය ද්විතියික අධ්‍යාපන මට්ටමට සහ ඉන් එහාට අනාගත ජීවිතය සහ රැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය පුද්ගල සංවර්ධනය සඳහා වඩාත් අත්‍යාවශ්‍ය පදනම් තත්වය නොමැති තත්වයකි.

අධ්‍යාපන අමාත්‍ය, ආචාර් ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වය ඇතිව, UNICEF Sri Lanka සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග්ගේ සහ රජයේ හා තවත් අංශවල පාර් ශවකරුවන්ගේ දායකත්වය ඇතිව මෙම අහිමි අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන ආරම්භ වී ඇත.

පිළිගත් අන්තර් ජාතික මිණුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ත් 6%ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතුයි.

එහෙත් ශ්‍රී ලංකාවේ මේවන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉන් අඩකට වඩා අඩු අගයක් වන 2% කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ අනුව ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ “අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහා ජාතික අයවැය ප්‍රතිපාදන කඩිනමින් වැඩි කළ යුතුයි. විශේෂයෙන් ප්‍රාථමික අංශයේ ශ්‍රේණි සඳහා වැඩි ප්‍රතිපාදන අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ හරහා අපි දරුවන්ගේ ඉගෙනීම වැඩි දියුණු කළ යුතුය. ඉතා වැදගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම තුළින්, රටේ සංවර්ධනයට සහාය වීම සඳහා අවශ්‍ය ශක්තිමත් මානව සම්පත් කුසලතා ගොඩනැගීමට අපට හැකි වනු ඇත” යනුවෙනුයි.

ඉගෙනීමේඅර් බුදයන්ගෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ රටේ ප්‍රාථමික ශ්‍රේණිවල සහ වතුකරයේ සිටින කුඩා දරුවන් ඇතුළු අවදානම් තත්ත්වයන්ට මුහුණදිය හැකි දරුවන්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් සඳහන් කරන්නේ “දරුවන්ගේ සාක්ෂරතාවය, ගණිත දැනුම, සමාජ ආර්ථික යන කුසලතා ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල, ඔවුන්ගේ ප්‍රජාවේ හා ඔවුන්ගේ රටේ අනාගතය ගොඩනැගීමට ඉවහල් වේ. ඉගෙනුම් ඵල සහ නිපුණතා අත්පත් කර ගැනීමට අසමත් වන සිසුන් සහ රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය මඟහැරෙන සිසුන්ගේ ව්‍යාප්තිය අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ග අපි අගය කරනවා” යනුවෙන්.

පසුගිය ජුලි මාසයේ දී, අධ්‍යාපන අමාත්‍යංශය සහ UNICEF සංවිධානය විසින් සංවර්ධන පාර්ශවකරුවන්ගේ සහාය ලබා ගැනීම සඳහා ‘ඉගෙනුම් ප්‍රතිසාධනය’ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් පවත්වනු ලැබූ අතර, එහි පවතින පරතරය හඳුනා ගැනීමට සහ ඒ සඳහා ගනු ලබන ක්‍රියාවන්ට ප්‍රමුඛතාවය ලබා දීම සඳහා රටේ පළාත් නවය පුරා තාක්ෂණික මට්ටමේ වැඩමුළු පවත්වා තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan