මේ යන විදිහට නම් 2048ත් බංකොලොත්!

Date:

කොළඹ LNW:2023 රාජ්‍ය මූල්‍ය වගවීම් වාර් තාව අනුව, ලංකාව මූල්‍ය හා ආර් ථික තත්ත්වය අතින් තවත් පහළට ගොස්, 2048 දී හෝ බංකොලොත් බවින් මිදීමේ හැකියාවක් රජය ගෙන යන වැඩපිළිවෙළ ඔස්සේ ළඟා නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආර් ථික අපගමනය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණෙන් දරුණු අනතුරු ඇඟවීමක් සිදුකරමිනුයි මන්ත්‍රීවරයා එලෙස පවසන්නේ.

“2023 රාජ්‍ය මූල්‍ය වගවීම් කළමනාකරණ පනත යටතේ මූල්‍ය හා ආර් ථික තත්ත්වය පිළිබඳ පාර් ලිමේන්තුවට සෑම වසරකම මැද වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව රජය එම වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. පාර් ලිමේන්තුව ඒ ගැන සාකච්ඡාවක්, විවාදයක් පසුගිය වාරයේ පැවැත්වුණා. නමුත් මෙයින් පැන නැගෙන කරුණු පිළිබඳව වැදගත් සංවාදයක් රටේ ඇතිවුණේ නෑ. ඒ නිසා මේ දත්ත එක්ක මතුවෙලා තියෙන අනතුරුදායක තත්ත්වය පිළිබඳ නැවත අවධානය යොමු කරන්න අපි කල්පනා කළා. පළමුවෙන්ම පළවෙනි කාර් තුවේදී දී ලංකාවේ ආර් ථිකය ගිය වසර, 2022ට සාපේක්ෂව 11.5% කින් අඩුවෙලා තියෙනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. සමස්තයක් හැටියට කිව්වොත් 2019 ජනාධිපතිවරණ කාලේදී, වියත් මගේ හිටපු ආර් ථික ඔස්තාර් ලා , මේ රටේ ජනතාවට කියපු දේ තමයි යහපාලනය ආවට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සංවර් ධන දශකය අවුල් වුණා. 7% ක වර් ධනයක් ගෙනිච්චා මහින්ද රාජපක්ෂ. ඒක 3% ට බැස්සුවා. ගෝඨාභය මහත්තයා ගෙනල්ලා අපි මේක නැවත 7% ට ගේනවා කියලා තමයි ඔය වියත්මගේ ආර් ථික ඔස්තාර් ලා, රට වටේම මිනිස්සු රවට්ටන්න ගෙනගිය මතය. අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද? 7% ක වර් ධනය නෙවෙයි, යහපාලනය 3% ත් නෑ. සෘණ 11.5% ක වර් ධනයක් ටට අරන් දීලා තියෙනවා. සීඝ්‍රයෙන් රටේ ආර් ථිකය ආපහු යනවා. ඩොලර් බිලියන 90 ක් පමණ තිබූ රටේ ආර් ථිකය දැන් ඩොලර් බිලියන 80කටත් වඩා අඩුවෙලා තියෙනවා. ක්‍රමයෙන් රට ආපස්සට යනවා. ඒ නිසා මේ වගේ කයිවාරු කාරයෝ අනාගතයෙත් එන්න පුළුවන්. කිසිම වැඩක් නොකර, කිසිම ප්‍රතිඵලයක් පෙන්නපු නැති මිනිස්සු ඇවිල්ලා මේ වගේ කතා පවත්වන්න පුළුවන්. ආර්ථික ඔස්තාර් ලා හැටියට, ඒ ගැන ප්‍රවේශම් වෙන්න කියලා අපි ජනතාවගෙන් මුලින්ම ඉල්ලා සිටිනවා.” යනුවෙන් රණවක මහතා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...