එල්පීඑල් එකට අලුත් චැම්පියන් කෙනෙක්

Date:

එල්පීඑල් තරගාවලියේ සූරතාවය එහි ඉතිහාසය වෙනස් කරමින් අලුත් කණ්ඩායමකට හිමිවන්නට නියමිතය.මෙතෙක් කල් සූරතාවය දිනූ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අවසාන තරගයටවත් සුදුසු නැති තත්ත්වයකට ඇද දමමින් අවසන් පූර්ව තරගයේදී ඔවුන් මහනුවර බී ලව් කණ්ඩායම ඉදිරියේ ලකුණු 61 ක දැවන්ත පරාජයතට ගොදුරු විය.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට කැන්ඩි බී ලව් කණ්ඩායමට කළ ආරාධනයෙන් ඉනික්බිත් ඔව්හූ සිය ලකුණු පූවරුව කඩුලු 8 ට ලකුණු 188 දක්වා ගෙන ගියහ.එහිදී මොහොමඩ් හාරිස් පන්දු 49 දී අගනා ලකුණු 79 ක් සහ දිනේෂ් චන්දිමාල් පන්දු 24 දී ලකුණු 41 ක් ලබා ගනමින් විශීෂ්ඨ දායකත්වයක් කැන්ඩි කණ්ඩායමට ලබා දුන්හ.

පිළිතුරු ඉණිම ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට පහසු වූයේ නැත.වාර්තාගත පන්දු යැවීමක නිරත වෙමින් වනිදු හසරංග ලකුණු 9 ට කඩුලු 6 ක් දවා ගනිමින් ජැෆ්නා ඉණිම සුණු විසුණු කළේය.ඒ අනුව ලකුණු 127 දී සමස්ත ජැෆ්නා කණ්ඩායමම නැවතුණේ ක්‍රීඩාගාරයේය.ජයග්‍රහණයේ මාවත හොඳින් එළි පෙහෙළි කළ වනිඳු හසරංග තරගාවලියේ කාර්ය බහුලකම ගැනනම් සතුට ප්‍රකාශ කළේ නැත.ඔහු පැවසූ ආකාරයට දුෂ්මන්ත චමීර යළි ආබාධ ගණයට වැටී ඇත.තරගයේ එක් පන්දු ඕවරයක් පමණක් යැවූ ඉසුරු උදාන සිටින්නේ ද ආබාධිතයන්ගේ ලැයිස්තුවේය.

කෙසේ වුව වනිඳු මේ වාර්තාගත පන්දු යැවීමේදී සිය ප්‍රධාන අවිය වන ගුග්ලි පන්දුව කඩුලු ලබා ගැනීම සඳහා උපකාර කළ ගත් බව පැවසීය.තරගාවලිය පැවත් වූ අවස්ථා තුනේදීම සූරයන් වූ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ගැන දැන පිටියට පිවිසි වනිඳුගේ මඟ පෙන්වීම ලද කැන්ඩි බී ලව් කණ්ඩායම ඔවුන්ට පිතිකරුවන්ට එරෙහිව යොදා ගන්නට තිබුණු ප්‍රධාන අවියක් වූ දුෂ්මන්ත චමීර ද නොමැතිව තරග වදිද්දී සහ ඉසුරු උදාන එක් පන්දු ඒවරයකට පසුව ආබාධ තත්ත්වයට පත්වෙද්දී වනිදු තමන්ගේ පන්දු ඕවර් 4 න් පන්දු ඕවර් 3ත2 ක් පමණක් යවමින් ජැෆ්නා කණ්ඩායම විනාශ කිරීමට ඉදිරිපත් විශ්මය දනවන දස්කමකි.

තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/lanka-premier-league-2023-1382875/b-love-kandy-vs-jaffna-kings-eliminator-1382899/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...

අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර්...

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...