මාල දිවයිනේ දී ලංකාවේ පිහාටු මල් බලාපොරොත්තු මිලින වෙයි

Date:

තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී පසුපසින් සිටින මැලේසියානු ක්‍රීඩක චියා ජෙන්ග් හොන්ග් අතින් පරාජයට පත් වූ ශ්‍රී ලංකාවේ විරෙන් නෙත්තසිංහට මාල දිවයින ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග පෙනි පෙනී 16 දෙනාගේ වටයෙන් ඉවත් වන්නට සිදු විය.

  • ජාත්‍යන්තරයේ ඉදිරියෙන්ම තිබෙන බැඩිමින්ටන් සංස්කෘතියක් වන මැලේසියානු බැඩ්මින්ටන් සංස්කෘතියට අයත් ක්‍රීඩකයෙක් වන බැවින් විරේන්ට හොඳ තරගයක් අපේක්ෂා කළ හැකිය.*
    https://sinhala.lankanewsweb.net/08/17/66500/

විරේන් 16 දෙනාගේ වටයට පිවිසි අවස්ථාවේ මේ තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතරින් විරේන් දෙවන තැනට තරග වැඩ සටහන තුළ පත් වී තිබුණත්, මැලේසියානු බැඩිමින්ටන් සංස්කෘතිය තුළ ඇති කැපී පෙනෙන ලක්ෂණ නිසා අප ඉහත සැකය එම සටහනට ද ඇතුළත් කළේය.ඒ හා සමානම තත්ත්වයක් පෙන්නුම් කළ ජෙන්ග් හොන්ග් සිතූ තරම් අභියෝගයකින් තොරව තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතර දෙවන තැන සිටි විරේන්ව පරාජයට පත් කළේ වට 2 – 0 ක් ලෙසය.ලකුණු තත්ත්වය 21 – 15 සහ 21 – 18 ක් විය.
ඉනික්බිති විරේන් සහ බුවනෙක සමඟ එක්ව මැලේසියාවේම මුහම්මද් අදාම් සහ මුහම්මද් සුල්හර්ට මුහුණ දුන් අතර එහිදී ඔවුහු මැලේසියානු යුගලය වෙතින් ලකුණු 21 – 14 ක් සහ 21 – 13 ක් ලෙස පරාජයට පත් වූහ.එම පරාජයත් සමඟ 20 වන දා නිමාවට පත් වීමට නියමිත මාල දිවයින ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ තෙවන දිනය නිමා වන විට එම තරගාවලියේ ඉදිරි කටයුතුවලදී යළිත් ලංකාවේ නොලියවෙන තත්ත්වයට පත් වූහ.
කෙසේ හෝ රටේ බොහෝ ක්‍රීඩාවන් සංචාරමය අවස්ථා ආදියේදී හැකිළෙමින් තිබෙද්දී ශ්‍රී ලංකාවට වැඩි ක්‍රීඩක ක්‍රිඩිකාවන් පිරිසක් මේ තරග සංචාරයට එක් කිරීමට හැකිවීම අගය කළ යුතුය.ඡායාරූපයේ දැක්වෙන්නේ මේ තරගයේදී මේ මොහොතට අදාළව 16 දෙනාගේ වටයට පිවිසි විරෙන් නෙත්තසිංහය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...