මාල දිවයිනේ දී ලංකාවේ පිහාටු මල් බලාපොරොත්තු මිලින වෙයි

Date:

තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී පසුපසින් සිටින මැලේසියානු ක්‍රීඩක චියා ජෙන්ග් හොන්ග් අතින් පරාජයට පත් වූ ශ්‍රී ලංකාවේ විරෙන් නෙත්තසිංහට මාල දිවයින ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග පෙනි පෙනී 16 දෙනාගේ වටයෙන් ඉවත් වන්නට සිදු විය.

  • ජාත්‍යන්තරයේ ඉදිරියෙන්ම තිබෙන බැඩිමින්ටන් සංස්කෘතියක් වන මැලේසියානු බැඩ්මින්ටන් සංස්කෘතියට අයත් ක්‍රීඩකයෙක් වන බැවින් විරේන්ට හොඳ තරගයක් අපේක්ෂා කළ හැකිය.*
    https://sinhala.lankanewsweb.net/08/17/66500/

විරේන් 16 දෙනාගේ වටයට පිවිසි අවස්ථාවේ මේ තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතරින් විරේන් දෙවන තැනට තරග වැඩ සටහන තුළ පත් වී තිබුණත්, මැලේසියානු බැඩිමින්ටන් සංස්කෘතිය තුළ ඇති කැපී පෙනෙන ලක්ෂණ නිසා අප ඉහත සැකය එම සටහනට ද ඇතුළත් කළේය.ඒ හා සමානම තත්ත්වයක් පෙන්නුම් කළ ජෙන්ග් හොන්ග් සිතූ තරම් අභියෝගයකින් තොරව තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතර දෙවන තැන සිටි විරේන්ව පරාජයට පත් කළේ වට 2 – 0 ක් ලෙසය.ලකුණු තත්ත්වය 21 – 15 සහ 21 – 18 ක් විය.
ඉනික්බිති විරේන් සහ බුවනෙක සමඟ එක්ව මැලේසියාවේම මුහම්මද් අදාම් සහ මුහම්මද් සුල්හර්ට මුහුණ දුන් අතර එහිදී ඔවුහු මැලේසියානු යුගලය වෙතින් ලකුණු 21 – 14 ක් සහ 21 – 13 ක් ලෙස පරාජයට පත් වූහ.එම පරාජයත් සමඟ 20 වන දා නිමාවට පත් වීමට නියමිත මාල දිවයින ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ තෙවන දිනය නිමා වන විට එම තරගාවලියේ ඉදිරි කටයුතුවලදී යළිත් ලංකාවේ නොලියවෙන තත්ත්වයට පත් වූහ.
කෙසේ හෝ රටේ බොහෝ ක්‍රීඩාවන් සංචාරමය අවස්ථා ආදියේදී හැකිළෙමින් තිබෙද්දී ශ්‍රී ලංකාවට වැඩි ක්‍රීඩක ක්‍රිඩිකාවන් පිරිසක් මේ තරග සංචාරයට එක් කිරීමට හැකිවීම අගය කළ යුතුය.ඡායාරූපයේ දැක්වෙන්නේ මේ තරගයේදී මේ මොහොතට අදාළව 16 දෙනාගේ වටයට පිවිසි විරෙන් නෙත්තසිංහය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...