පොහොට්ටුවෙන් පැන්න ගෑස් සිලින්ඩරයන්ගෙන් අලුත් පක්ෂයක් – දිනේෂ්ගෙන් ප්‍රකාශයක්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පැමිණ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිට පළාත් පාලන මන්ත්‍රීවරුන් දක්වා කිසිදු අයෙකුට ඉදිරි මැතිවරණවලට තරග කිරීමේදී කිසිදු ගැටලුවකට මුහුණ පෑමට සිදුවීමට ඉඩක් නොතබන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

“මම ඉතාම ඕනෑකමින් කියනවා මේ ජයග්‍රහණය ඇති කිරීමට අපේ රට වෙනුවෙන් මේ ආණ්ඩුව ඉදිරියට තැබූ පියවර රාශිය ආරක්ෂා කරමින් ජයග්‍රහණය කරන්න අත්වැල් බැඳගන්න කිසිම කෙනෙකුට, පළාත් පාලන මන්ත්‍රීවරයාගේ සිට ඉහළම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා දක්වා ඉදිරි මැතිවරණයකදී කිසිම ගැටලුවකට හෝ තමන්ට තරග කරන්න තර්ජනයක් තියෙනවා නම් එහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා මම අගමැතිතුමා හැටියට ප්‍රකාශ කරනවා”

ප්‍රශ්නය – නව දේශපාලන පක්ෂයක් ඉදිරියේදී බිහිවෙයිද ?

“අනිවාර්යයෙන්ම එවැනි තත්වයකට ගමන් කරන්න නව බලවේගයක් බිහිකිරීමේ අවශ්‍යතාවයට මම අගමැතිතුමා හැටියට ලබාදිය හැකි හැම ආශිර්වාදයක්ම සහයෝගයක්ම ලබාදෙන්න සාකච්ඡා කරමින් සිටිනවා”

දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...