ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපති අපේක්ෂක නාමල්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ (LNW):


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට පැමිණ ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්ෂ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතන නායක ස්ථවීර ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පසුව, නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වලයෙදී ආශිර්වාද ලබා ගත්හ.

පසුව නාමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ ,කොට්ටාව රුක්මල්ගම ,ශ්‍රී ධර්ම විජයාලෝක විහාරයට පැමිණ, පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...