සියවස් එකහමාරකට ඉස්සර ….

වැහි අන්දකාරේ
ලීස්තර අස්සෙනුත් එබෙද්දී
පාලුවක් අරක්ගන්නවා හිතට
වටඅවට අඳුර
පතුරන මාර ගහ
සිහිකරන්නෙම දෙනිපිටියෙ නුගරුක

මෙහෙම වැහි හීගතුවක
ඉසබෙලා නුඹ හිටියා නම්
කල්පනාබර ඇස්වලින්
අනන්තය දිහා බලාගෙන ඉන්නවද ?

දුම් සරැලි නංවන කෝපි ජෝගුවක්
වැටී දැවැටී පෙම්පාන බිළාලයෙක්
පත් ඉරු අතර කවියක් ගුලි ගහන්නට තනනවද ?

හොඳටෝම වැඩී එන බඩගින්න නිසාවෙන්
පෙර නුඹ සමඟ තරඟයේ උන්
ළමාතැනියක් ගැන
කවියක් ගොතනවද බොරුම බොරු

ඉසබෙලා..

සියවස් එකහමාරකට ඉස්සර
මෙතැන මොන වගේ වෙන්නැති ද ?

අඳුර අස්සේ හිතෙනවා මට !

~ සඳුන් ප්‍රියංකර විතානගේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩීසල් සහනාධාරයක් ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : මෙම මස...

පොළොන්නරුව රෝහලේ පිපිරිම ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වඩාත් පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ලොව වඩාත්ම පරිසර...