*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

පුනරුද යුගයක් වෙනුවෙන් ඔබේ ජන්දය මාලිමාව ඉදිරියේ ආයෝජන කරන්න – මහාචාර්ය සීතා බණ්ඩාර

කොළඹ LNW:ආයෝජන අතරින් දැවැන්තම ආයෝජනය වන්නේ ජනතා ජන්දය වන හෙයින් එය වැඩිම ප්‍රතිලාභ ලබාදෙන මාලිමාව ඉදිරියේ ආයෝජනය කරන ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය අවධාරණය කරයි.

එම ආයෝජන තුළ ඔබ මෙන්ම ඔබේ දරුවාත්,අනාගතයත් සුරක්ෂිත බවයි ඇය සඳහන් කරන්නේ.

ඒ අනුව ප්‍රර්ථනා කරන පුනරුද යුගය වෙනුවෙන් අත්නොහැරිය හැකි වගකීමෙන් එය ඉටු කිරීම සඳහා අත්වැල් බැඳ ගනිමුයි ඇය ඉල්ලා සිටියි.

”අනිත් දේශපාලන ව්‍යාපාර වල V8 එක ගන්න,තමන්ගේ පුතාට රස්සාවක් ගන්න,එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න රැස්වෙනකොට මේ ඉන්න කිසිම කෙනෙක් කිසිම කොන්දේසියක් නැතුව අන්කන්ඩිෂනල් බොන්ඩ් එකකයි ඉන්නේ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති දේශපාලන ඉතිහාසය ඇතුලේ විද්වත් සංවිධානය ඇතුළු සංවිධාන 27ක් විතර එකතු වෙලා ජාතික ජන බලවේගය ගොඩනගන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ 2022 අරගලයේ බලාපොරොත්තු වුණු මේ රටේ තරුණ දු දරුවන් බලාපොරොත්තු වුණු ඒ සිස්ටම් ජේන්ජ් එක,ඒ ක්‍රම වෙනස කරන්න පුළුවන් අදුෂිත එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය. ඒ නිසා සහෝදර සහෝදරවරුනි ඔබට දෙපාරක් හිතන්න දෙයක් නැහැ ආර්ථික ප්‍රතිපත්ති ගැන එක එක්කෙනා අපිට අභියෝග කරනවා. ආර්ථික ප්‍රතිපත්ති නෙමෙයි මේර රටට තිබෙන ප්‍රශ්නය. අපි ප්‍රතිපත්ති හදල ඉවරයි. ඔබට ලබන සතිය වෙද්දී අපේ ප්‍රත්පත්ති බලන්න පුළුවන් වෙයි. මේ ඉතිහාසය පුරාවට දේශපාලන සංස්කෘතිය ඇතුලේ ආර්ථික ප්‍රතිපත්ති නෙවෙයි ප්‍රශ්නය. මේ රටේ තියෙන්නේ ඉම්ප්ලිමන්ටෙෂන් ෆේලියර් එකක්.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රතිපත්ති හැම එකක්ම හොඳට හදනවා. හැබැයි ක්‍රියාත්මක කරනකොට ඒවා කරන්නේ O/L වත් පාස් නැති එතන මෙතන රස්තියාදු වෙච්ච දේශපාලනයට තර්ජනයෙන් ගර්ජනයෙන් ඔබේ ජන්දය මංකොල්ලකාගෙන එහෙම නැත්නම් ඔබේ ජන්දය සල්ලිවලට අරගෙන පාර්ලිමේන්තුවට ගිය කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති දේශපාලුවන් රැලක්. අන්න ඒ දේශපාලන ක්‍රමය වෙනස්කරන්න ඕනේ නැද්ද?ඒ දේශපාලනය වෙනස් කරන්න නම් ආදරණිය සහෝදරවරුනි ඔබ මම කිසිම වාසියකට විකිණෙන්නේ නැතුව අපේ ජන්දය පාවිච්චි කළ යුතුයි. වාසිය වෙනුවෙන් ජන්දය අපයෝජනය කරන්න එපා කියල මම ඉල්ලනවා.

ආයෝජනය අතර දැවැන්තම ආයෝජනය ඔබේ ජන්දය. ඔබ හිතුවට නිකම්ම නිකන් කතිරයක් කියල මේක දැවැන්ත ආයෝජනයක්.ඔබ ආයෝජනය කරනවනම් මුදලක් එය කරන්නේ වැඩිම ප්‍රතිලාභය ලැබෙන තැන. හැබැයි ඔබ ඔබේ ජන්දය ආයෝජනය කළේ කිසිම ප්‍රතිලාභයක් බලන්නේ නැතුව. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඔබේ ජන්දය ආයෝජනය කරන්න තියෙන වැඩිම ප්‍රතිලාභ ලබා දෙන බැංකුව මාලිමාව.ඒ ලකුණේ ඔබේ ජන්දය ආයෝජනය කරන්න. ඔබ සුරක්ෂිතයි.ඔබේ දරුවා සුරක්ෂිතයි. ඔබේ අනාගතය සුරක්ෂිතයි. අපි ප්‍රර්ථනා කරන ඒ පුනරුද යුගයක් ආරම්භ කරන්නට පුනරුදයට පායන හිරු අනුර කුමාර සහෝදරයා 22 වැනිදාට මේ රටේ ජනාධිපති කරන ඒ මහා දැවැන්ත කාර්ය සඳහා ඇප කැප වෙමු. අත්වැල් බැඳ ගමු. අපිට පුළුවන් හැම තත්ත්පරයකම,පුළුවන් හැම වගකීමක්ම ඉටුකරමින් මේ අත් නොහැරිය හැකි වගකීමෙන් මිදෙන්නේ නැතුව ඒ වගකීම ඉටු කරමින් මේ සමස්ත ශ්‍රීලංකාද්වීපයම දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂය කරා අරගෙන යන්නට ඔබ අපි එකට අත්වැල් බැඳගමු.” යනුවෙන් සීතා බණ්ඩාර මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan