*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

සාගල දුවන පනින පැනමා ගමණට උදව්වට එයි?

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 19, (LNW) කොළඹ :

අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශය විසින් අවශ්‍යය ප්‍රතිපාදන ලබා නොදීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට එම සංචාරය අහිමිවීමේ අවධානමක් පවතින බව අප විසින් මීට පෙර වාර්තා කරන්නට යෙදුණා.පැනමාවේ පැවත්වෙන එම තරගාවලියේ දී තරග ඉසව් 13 ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මෙතරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සුදුසුකම් ලැබීම සිඳු වී ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි.ඒ සම්බන්ධයෙන් දැන ගන්නට ලැබෙන පරිදි එම තරගාවලියට කණ්ඩායම් කළමණාකරු ලෙස පත් කර සිටින,මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙකුද වන චන්දන ඒකනායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ සාකච්ඡා කර ඇත.ඒ සම්බන්ධයෙන් සුබ ආරංචියක් වාර්තා වීමේ ඉඩක් ස පවතින බව දැන ගන්නට ලැබීම තව දුරටත් රටේ අනාගතයට අදාළ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් සුබවාදීව බලා සිටින්නට හැකි කාරණයක්ය.
එවැනි තත්ත්වයක තමන්ට අවශ්‍යය ප්‍රතිපාදන නොමැති බව කියමින්,කිසිඳු පියවරක් නොගෙන ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් මෙම කාරණය තඹයකට හෝ මායිම් නොකර සැහැල්ලුවෙන් බැහැර කිරීම ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති පටු අදහස තේරුම් ගැනීමට ප්‍රමානවත් කාරණයකි.මේ මැතිවරණ සමයක දේශපාලන චරිත පතුරු ගැසීමේ ක්‍රියාවන් හැම අතින්ම සිඳු වෙමින් තිබියදී රටක කුමන දේශපාලනයක් පැවතියද,චක්‍රලේඛ සහ වෙනත් අණ පනත්වලින් එහාට යන්නට හැකි කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැන නොසිතන,කුසීත නිලධාරී තීරණ ගැනීම් සම්බන්ධයෙන් සිතද්දී,දේශපාලකයා කුමන ආකාරයකට මවා පත් කළ ද,රටේ යාන්ත්‍රණය බල ගන්වන නිලධාරියාගේ භූමිකාව මේ අකාරය බව බව තේරුම් ගන්නට මේ අවස්ථාව හොදම සාධකයකි.
මේ තරග සංචාරය සම්බන්ධයෙන් තොරුතුරු වාර්තා වන්නට පටන් ගන්නේ මීට මාස දෙකකට පමණ පෙර සිටය.ඇත්තම තත්ත්වය එහිදී දැන් ගන්නට ලැබෙන්නේ මේ සඳුහා සුදුසුකම් ලැබූවන වන අතර මෙම තරගාවලිය ප්‍රසිද්ධියට පත් කර වසර ගණනාවකි.ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක්වන මේ ගැන ක්‍රීඩා අමාත්‍යංශය නොදැන සිටින බව කීම කිව නොහැකිය.මාස කිහිපයකට පෙර සුදුසුකම් ලැබූ පිරිස කොපමණද යන්න දැන ගැනීමේ සිට වුව එම නිලධාරීන්ට මේ සඳහා වැය විය හැකි මුදල ඇස්තමේන්තු කර,හිඟ මුදල් ප්‍රමාණය දැණුම් දී මේ ගැන කැබිනට් මණ්ඩලයට දැණුම් දී අවශ්‍යය ක්‍රියාමාර්ග ගන්නට අමාත්‍යවරයාට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නට අවශ්‍යය පසුබිම සකසන්නට තිබිණ.එ නිසා මේ තත්ත්වය මලල ක්‍රීඩා සංගමයේ නොදැන්වීම නිසා සිඳුවන අවැඩක් පමණක් නොවන අතර ක්‍රීඩා අමාත්‍යංශයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් වගකීම පැවරී ඇති නිලධාරීන්ද අවධානයෙන් නොබැලීම නිසා සිඳු වූ අවැඩකි.


රටේ ක්‍රීඩාවේ අනාගතයට වටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනාගතයක් සැකසීම වෙනුවෙන් එම වගකීම පැවරි නිලධාරීන් මේ තරම් සැහැල්ලුවෙන් එම තත්ත්වයන් නොසළකා හරින්නේනම් එය ඉතාමත් නරක තත්ත්වයකි.අඩුම තරමේ පුරවැසියෙක් ලෙස තම රට ආඩම්බරයට පත් කළ හැකි මානව ශක්තීන් නොසැළකිලිමත්ව අතහැර දමන්නේනම් එවැනි ක්‍රීඩා අමාත්‍යංශයකින් රටට ඇති පල කවරේද යන්න විමසා බැලිය යුතුය.
එවැනි තත්ත්වයක පුරවැසියාට සාධාරණය ඉටු කරන්නට ඇති ආයතනවල එම වගකීම පැවරුණු නිලධාරීන් රටට අතිශයින් වැදගත් කාරණාවන් බැහැර කරන්නට ඉදිරිපත් වන සැහැල්ලු ක්‍රියාවලිය දෙස බලන විට ඔවුන් නිලධාරීන් ලෙස පමණක් නොව පුරවැසියන් ලෙස ද සිය වගකීම ඉටු නොකරන මුග්ධ,උද්ධච්ඡ සහ වගකීම් විරහිත පිරිසක් බව පැවසිය යුතුමය.එසේම මලල ක්‍රීඩා සංගමය ද බලය සමඟ අමාත්‍යංශය දෙසට හැරුණු පිං කැටයක කටක් ලෙස නො’පැවතීම වැදගත්ය.තමන්ට කියා අරමුදලක් අඩුම තරමේ පාරට බැස කැට හොලවා හෝ අනාගත වටිනාකම් වෙනුවෙන් ඉතුරු කර තැබීම වැදගත්ය.

මේ තරම් අනාගතය දෙස වගකීම් විරහිත ලෙස වැඩ කිරන පිරිසකගේ තීන්දු අනුව රටේ ක්‍රීඩාවේ අනාගතය ගැන හිතන්නට සිඳු වී තිබෙන තත්ත්වයක සාගල රත්නායකගේ මැදිහත්වීමෙන් හෝ අනාගතයට පෙරට එන්නට මග සැකසෙන්නේනම් අපි සාගල ට ආචාර කරන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan