මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

Date:

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ රුපියල් ට්‍රිලියනයක සංචිතයක් තමන් සතුව ඇතැයි කියන්නේ එසේ මුදල් අච්චු ගැසීමෙන් අනතුරුව බවත් සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා පාර්ලිමේතුවේදී කියනවා ‘අපි ළඟ බිලියන 1000ක – ට්‍රිලියනයක සංචිතයක් තියෙනවා’ කියලා. ඒ කියන්නෙ ස්ථාවර, ශක්තිමත් ආර්ථිකයක් ?

“හැබැයි එතුමන්ලා රුපියල් ට්‍රිලියන 1.22ක් මේ ආණ්ඩුව යටතේ සල්ලි අච්චු ගහලා තියෙනවා. සල්ලි අච්චු ගහලා එතුමා කියනවා මං ළඟ ට්‍රිලියනයක් තියෙනවා කියලා. මේවා ලොකූ ගණන්. එතුමා හම්බකරපු සල්ලි වගේ කියන්නෙ, මේ අච්චු ගහපු සල්ලි ගැන”

ප්‍රශ්නය – අච්චු ගහපු සල්ලි ගැනද ට්‍රිලියනයක් කියලා කියන්නෙ ?

“ඉතින් ට්‍රිලියන 1.22ක් අච්චු ගහලා, කියනවා මගේ ළඟ ට්‍රිලියනයක් තියෙනවාය කියලා”

ප්‍රශ්නය – ඔය සල්ලි අච්චු ගහන කතාව අද තමයි මුල් වතාවට මාධ්‍ය හරහා එන්නෙ. ඕවා විපක්ෂය විසින් මතු කරන්න ඕනෙ කාරණා නෙ ? අද තමයි මුල් වතාවට මාධ්‍ය හරහා එන්නෙ මෙන්න මේ වගේ ප්‍රමාණයක් IMF රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් අච්චු ගහලා කියලා. ඒක හෙළිකරන්නෙ ස්වාධීන පාර්ශ්වයක්. ඔබතුමන්ලා මේවා දැනගෙන හිටියෙ නැද්ද ?

“ආර්ථික පර්යේෂණ ඒකකය දන්නවා. අපි ඒක තමයි ඕනෙ වෙලාවට කියන්නෙ … මොකද මේක ආණ්ඩුව එළියට දාපු එකක් නෙවෙයිනෙ ? විපක්ෂයේ කණ්ඩායමක්ම නෙ එළියට දැම්මෙ ?”

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...