සල්ලි අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ. එහෙම නම් දැන් බඩුමිල වැඩිවෙලා තියෙන්න එපැයි – ඇමති ප්‍රසන්න

Date:

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ යාමක් සිදුනොවන බවත් එසේ සිදුවන්නේ නම් මේ වනවිටත් උද්ධමනය වැඩිවී තිබිය යුතු බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

“ඕගොල්ලො දන්නවා චෝගම් බස් කියලා කියන්නෙ මේවාට. හයිවේ එකේ දුවන්න අවුරුදු ගාණකට කලින් අපිට ගෙනාපු බස් රථ සෑහෙන ප්‍රමාණයක් දැන් ධාවනයෙන් ඉවත්වෙලා තියෙනවා. ඒ බස් රථ ප්‍රමාණය පුනරුත්ථාපනය කරලා නැවත ධාවනයට එකතු කිරීමේ වැඩක් යනවා”

ප්‍රශ්නය – එතකොට අමතර කොටස් එහෙම ගේන්න සල්ලි තියෙනවද ආණ්ඩුවට ?

“ආණ්ඩුවට සල්ලි තියෙනවා. සල්ලි කිසීම ප්‍රශ්නයක් නැහැ”

ප්‍රශ්නය – විපක්ෂය චෝදනාවක් එල්ල කරනවා ට්‍රිලියන 1.225ක මුදල් අච්චු ගහලා කියලා. එහෙම එකක් තියෙනවාද ?

“නෑ. මුදල් අච්චු ගැසීමක් සිද්ධ වෙන්නෙ රටේ ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට තමයි මුදල් අච්චු ගැසීම වෙන්නෙ. ඒක හැම අවුරුද්දකම වෙන එකක්. අපට බලන්න තියෙන්නෙ ආර්ථිකය ගමන් කරන දර්ශකත් එක්ක”

ප්‍රශ්නය – එතකොට මුදල් අච්චු ගහනකොට උද්ධමනය වැඩිවෙන්නෙ නැද්ද ?

“නෑ. එහෙනම් දැන් උද්ධමනය වැඩිවෙන්න එපැයි ! ඔය කියන එක කාරණයක් ගැන හිතනවා නම් දැන් බඩුමිල වැඩිවෙන්න ඕනෙනෙ. නමුත් වැඩිවෙලා නෑ, ස්ථාවර වෙලා තියෙනවා. උද්ධමනය අඩුවෙලා තියෙනවා”

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුනසේන මහතා මේ බව පැවසුවේ කටුබැද්ද සංචාරක ඩිපෝවේ ඉවත්කර පැවති බස් රථ 9ක් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක්කිරීම වෙනුවෙන් පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...