විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (18) සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආසියානු පර්යේෂණ ආයතනයේදී පැවැත්වී තිබේ.

එම හමුවේ දී ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය, පාලනය සහ සාමය ගොඩනැගීම යන මාතෘකා මූලික කර ගෙන සුවිශේෂී අදහස් රැසක් හුවමාරු කර ගැනීමට හැකියාව ලැබුණු බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම සිංගප්පූරුවේ ආර්ථික පරිවර්තනය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන දෙඅංශය ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බැවින් සිංගප්පූරුවේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ද වර්තමානයේ සුවිශේෂී පාඩම් රැසක් ඉගෙන ගත හැකි නිසා කිෂෝර් මහබුබානි මහතාගේ අත්දැකීම් සහ අදහස් අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ බෙදා ගන්නා ලෙස එහි දී ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...