*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ආදරයේ සහ සහයෝගයේ රන් පදක්කම සහිතව අද යුක්රේනය සහය දිවීමට

මේ මොහොතේ ජර්මණියේ මියුනිච් හී ක්‍රියාත්මක යුරෝපා මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වන යුක්රේන මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම අද තරග බිමට පිවිසෙනවා.ඔවුන් තරග බිමට පිවිසෙන්නේ මේ මොහොතේ යුක්රේනය මුහුණ දී සිටින යුද අර්බූදය හමුවේ දිගු කළ සුමිතුරු ලෙංගතුකම්වල ශක්තියෙන් කාඩිෆ් සරසවියේ ලැබූ විශේෂ පුහුණුවක් සහිතවයි.
යුක්රේනය යුද්ධයෙන් දැවෙමින් සිටියද,ඔවුන්ගේ ක්‍රීඩාව හා සබැඳි මානව ශක්තීන් වෙනුවෙන් පෙරට එන්නට මාවත ඇහිරෙන්න දෙන්නේ නැහැ.විශේෂයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එම රටට සර්ජි බුබ්කාගේ ඇති සබඳතාවයද සළකා බෙහෙවින් උදව් කරනවා.නමුත් එම සහය දිවීමේ කණ්ඩායමේ සාමාජික ස්ටැනීස්ලාව් කොවෙලෙන්කෝ පවසන මේ අදහස් ඔවුන් යුක්රේනය නියෝජනය කරන්නට කරන කැපවීම ඉතා හොඳින් පැහැදිළි කරනවා.
මටත් නිවසක් නැහැ.අපි වෙන රටවල පාරේ ජීවත්වෙන තැනට ඇවිත් ඉන්නෙ.මුදල්වලට වඩා අමාරු මිනිස්සුන්ට හිසට සෙවණක් නැහැ.නිවාස අහිමියි.පුද්ගලිකව සහයක් දෙන්න බැරි තරමට හැමෝම මුදල් අතින්,නිවාස නැතිකමින් අසරණයි.ඒත් මං මගේ රට ගැන ආඩම්බරයි.
ඔහු ස්වීය භූමිය හා බැදුණු ආඩම්බර හැඟීමෙන් වුව යුක්රේන ජනතාවගේ ඉරණම ගැන කියන්නේය.
නමුත් මේ මොහොතේ ඔව්හූ කාඩිෆ් විශ්ව විද්‍යාලය තුළ නවාතැන්, ආහාර, භෞතචිකිත්සාව සහ ක්‍රීඩා විද්‍යා සහය ආදි පුහුණු පහසුකම් සියල්ල නොමිලේ භුක්ති විඳිති.මේ සත්කාර්යයට මූලික වන්නේ පුහුණුකරුවෙක් වන ගැරත් වෝල්ටන් ය.ඔහු යුක්රේන පුහුණුකරු සර්ජි බුසෙන්කෝ හඳුනාගන්නේ රුසියාවේ පැවති පුහුණු පාඨමාලාවකදි ය.ඒ මිත්‍රත්වය පදනම් කරගෙන යුක්රේනයේ තත්ත්වය සැළකිල්ලට ගෙන සිය මිත්‍රයාගේ මලල ක්‍රීඩා කණ්ඩායමට උපකාර කිරීම ගැන කල්පනා කරමින් සිටින ගැරත්ට පිහිටට එන්නේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා ජීව යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඉයන් බෙසෝඩ්ස් ය.මේ දෙදෙනාගේ උවමනාව මත ඔවුන්ට යුක්රේන මීටර් 100 සහය දිවීම් කණ්ඩායමට කාඩිෆ් විශ්ව විද්‍යාලයේ දොරටු විවර කර දෙන්නට හැකි වී ඇත.
සහය දිවීමේ කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් වන අන්ද්‍රී වසිලීව් පවසන්නේ කාඩිෆ් හී මිත්‍රශීලීබව තමන් උද්දාමයට පත් කර තිබෙන බවය.ඒ තද මිත්‍රශීලීකම් ඔවුන්ව කෙතරම් බැඳ දමා ඇද්ද යන්න හැඟෙන්නේ මේ සහය දිවීමේ කණ්ඩායමට එළැඹෙන වසරේත් පුහුණුව සඳහා කාඩිෆ් දොර විවර කරන බවට පැමිණ තිබෙන පොරොන්දුවය.බොහෝ දේ අහිමිව සිටියදී රටේ ජනතාවගේ අභිමානය උදෙසා යමක් දිනා දිය හැකිද යන උත්තරීතර පරික්ෂාව යථාර්තයක් කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යුක්රේන සහය දිවීමේ කණ්ඩායමට තරඟ කිරීමේ සහ ජයග්‍රහණයේ විශ්වාසය පුළුල් කරන්නට ද කරන වැඩ ගොඩකි.
ඒ අතරින් ඔලිම්පික් දුර පැනීමේ සූර ලින් ඩේවිස් සිය ජයග්‍රාහී පදක්කම් සමඟ යුක්රේනියානුවන් වෙනුවෙන් අභිප්‍රේරක සැසියකට සහභාගි වීම අපූරු වැඩ සටහනක් විය.ඩේවිස් ඒ සම්බන්ධයෙන් පැවසුවේ “මට එය කිරීමට අවශ්‍ය වූයේ ඔවුන් කෙතරම් නිර්භීතද යන්න සහ ඔවුන් මේ මොහොතේ යුක්‍රේනය ප්‍රදර්ශනය කරමින් සිටින සටන්කාමීත්වය නියෝජනය කරන ආකාරය නිසාය. එය අතිශයින්ම විශිෂ්ටයි.” යනුවෙන්ය.
එසේම ඩේවිස්ගේ දැයකත්වය ගැන සහය දිවීමේ කණ්ඩායමේ අදහස ප්‍රකාශ කළේ කොවලෙන්කෝ ය.
“එය ඇත්තෙන්ම අනපේක්ෂිත විය. ඔහු මෙහි සිටින බව අපි දැන සිටියේ නැත. අපි ඇත්තටම කැමතියි ඔහු වගේ වෙන්න, ඔලිම්පික් තරඟාවලියට තරඟ කරන්න. යුක්රේනය ශක්තිමත් ජාතියක් බව අපි මුළු ලෝකයටම පෙන්විය යුතුයි, මිලිටරි පැත්තෙන් පමණක් නොව අපට ශක්තිමත් ක්‍රීඩා ද ඇති බව පෙන්විය යුතුයි.”
නමුත් මේ සහභාගීත්වයම මෙවන් මොහොතක අගය කළ යුතු අන්දමේ ජයක්ය.ඉතා වැදගත්ය.ඒ නිසා අද සවස මීටර් 100 සහය දිවීමේ තරගයට ඉදිරිපත් වන යුක්රේන පිරිමි කණ්ඩායම ජනතාවගේ සහයෝගයේ රන් පදක්කම සහ ආදරයේ රන් පදක්කම දිනා අවසන්ය.ඒ බැගෑපත්වීමේන් ලබා ගත්තක් නොවේය.තමන්ට අත් වී ඇති ඉරණම නිර්භීත විදිහට පාලනය කර ගනිමින් අභිමානයෙන් සටන් වඳිමින් ප්‍රතිවාදියා පරාජය කරන්නට අවශ්‍යය පණිවිඩය ලෝකයට රැඟෙන යන්නට හැම ජයග්‍රහණයකින් පසුවම යුක්රේනියානුවන් තමන් ඉදිරියට එල්ල වන මයික් හරහා උත්සාහ කරනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan