බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩුකිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී කුකුළු මස් සහ බිත්තර මිල අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බව සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඒ අනුව ඉදිරියේදී කුකුළු මස් කිලෝග්රෑම් එකක් රුපියල් 1200 කට අලෙවි කිරීමට හැකිවනු ඇති අතර බිත්තරයක් රුපියල් 40කට පමණ අලෙවි කිරීමට හැකිවනු ඇති බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ.
සති දෙකක් තුළ බඩඉරිඟු ආනයනය කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.
RN