දකුණු ආසියානු කළාපයේදී ලාංකේය බැඩිමින්ටන් ගැටවර ගැටවරියන්ගෙන් හොද හොඳ සෙල්ලම්

Date:

දකුණු ආසියානු ළාපීය අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 17 න් පහළ බැඩිමින්ටන් සූරතාවලියේ පළමු දිනය වූ ඊයේ (18) ඉහළ දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අවුරුදු 15 න් පහළ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේදී බී කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායමෙ මාල දිවයිනට එරෙහිව 5-0 ක් ජයක් ද නේපාලයට එරෙහිව 4-1 ක් ජයක්ද වාර්තා කරමින් බී කාණ්ඩයෙන් පෙරමුණ ගත්හ.එහිදී නේපාලයේ සුබින් ශ්‍රේෂ්තා සහ රෙහානා ෂර්චාන්ට එරෙහිව තියුණු තරගයකින පසුව වට 2-1 ලෙස කෙනත් අරුග්ගොඩ සහ සෙතුලි රණසිංහ පමණක් තරගයක් පරාජයට පත්වීම හැරෙන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ නෙත්මි රත්නායක,සෙනුත් සෙත්මිත පෙරේරා යන ක්‍රිඩකයන්ගේ නම් ඉදිරියේ සටහන්ව තිබුණේ ජයග්‍රහණ පමණි.
අවුරුදු 17 න් පහළ තරග අංශයේ දී ශ්‍රී ලංකාවට පකිස්තානය වෙතින් නිතරග ජයක් අත් වූ අතර බූතානය වෙතින් පහුසවෙන් 5-0 ක ජයග්‍රහණයක් හිමි විය.එම කණ්ඩායමට රනිත්මා ලියනගේ,රනුමි මානගේ,හිරුක අලුත් පටබැදිගේ සහ තිදැස වේරගොඩ මේ ජයග්‍රහණ වාර්තා කළහ.
මේ තරගාවලියට ඉන්දියාව සහභාගි නොවන තත්ත්වයක පහසුවෙන් සූරතාවය වෙත ළඟා වීමට හැකියාවක් ශ්‍රී ලංකාව දෙසින් පෙනෙන්නට ඇති අතර අද ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටය සඳහා අවුරුදු 17 න් පහළ කණ්ඩායම නේපාලය සමඟත්,අවුරුදු 15 න් පහළ කණ්ඩායම භූතානය සමඟත් තරග වදින්නට නියමිතව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...