*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව ගජමිතුරන් ආරක්ෂා කරමින් ජනතාවගේ කරපිට බදුපිට බදු පටවමින් යනවා – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

වර්තමානයේ රටේ ඇත්තේ එක්තරා ධනවතුන් පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාදාමයක් බවත් ඒ නිසා IMF ගිවිසුම තුළ පවා ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ETF, EPF එකට පිට්පොකට් ගසා සුපිරි ධනවතුන් බේරු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කැපකිරීම් කරන්නේ නම් හැමෝම කැපකිරීම් කළ යුතු බවත් කැපකිරීම් මුලින් කළ යුත්තේ පාලකයින් බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා රටේ නායකයා උපරිම කැපකිරීම් කළ යුතු වුවත් ජනතාවගේ කර පිට බදු බර පටවමින් යන බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා එය කරන්නේ IMF එක කියු නිසා බව පැවසුවත් එය ජනතාව රවටන ප්‍රකාශයක් බවත් IMF ගිවිසුම තුළ එවැනි දෙයක් නොමැති බවත් රජය උත්සාහ කරන්නේ ජනතාව අසහනයට පත් කිරීමට බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (19) නාවලපිටිය නගරයේ පැවැති සමගි ජන බලවේගයේ ජන රැළිය අමතමිනි.

රට විනාශ වී ඇති මොහොතක වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කරුවන් රටේ ආර්ථිකය මෙහෙයවීම ගජමිතුරන්ට ලබා දී ඇති බවත් නැවත වරක් ආර්ථිකය වර්ධනය කරවන පුළුල් කරවන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සියලුුම ජනතාවට ලබා ගත හැකි හැමෝම එකතු කර ගත් ආර්ථික සංවර්ධන යුගයක් තමන් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමගි ජන බලවේග රජයක් තුළ අසාධාරණය හොරකම වංචාව දූෂණය රජ කරන යුගය අවසන් කරන බවත් සමාජ සාධාරණත්වය යුක්තිය නීතියේ ආධිපත්‍යය හැමෝටම සමානව ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිලාභ සැමටම ලැබෙන යුගයක් සමගි ජන බලවේගය විසින් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තව ද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බොරු කියමින් ජනතාව රවටා⁣ ඓතිහාසික ඇන්දවීමක නිරත වන බවත් ප්‍රෝඩාව මුසාව හරහා ජනතාවගේ කරපිට බර පටවන යුගයක් නිර්මාණය කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ රජය බංකොලොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචා සිදුවන විට අල්ලස් කොමිස් ගහන කොට ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සමගිජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේදී කෙහෙලියව රැකගත්තේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ කණ්ඩායම බවත් සිහිපත් කළේය.

දැන් තේ වතුවල වැඩ කරන ජනතාව රවටමින් යන බවත් 1700ක් දෙන බව කියා දැන් 1350ක් දෙන බව කියමින් තවදුරටත් රවටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා ආණ්ඩුව විසින් ඉස්ලමේ ජනතාවට විරුද්ධව ජාතිවාදය ක්‍රියාත්මක කරන විට එයට විරුද්ධව පාරට බැස්සේ සමගි ජන බලවේගය බවත් රටේ ජනතාව ජාතිය ආගම අනුව කොන් නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කාබනික පොහොර වංචාව නැනෝ පොහොර වංචාව කළ කෙනා ඉන්නෙත් මහනුවර බවත් මේ අය නීතිය හමුවට ගෙන යන බවත් කාබනික පොහොර හොරකම පමණක් නොව LRC ඉඩම්වලටත් බලපෑම් කරමින් ඒවාත් ගන්න හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සියලුම සමීක්ෂණ වාර්තාවලට අනුව සැප්තැම්බර් 21 ජයග්‍රහණය කරන්නේ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් ඉන්පසුව පොදුජන යුගය බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan