*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන සියලු ව්‍යාපෘති මහජනයාට සෘජු ප්‍රයෝජනවත් වැඩසටහන් යැයි ඉන්දීය මහ කොමසාරිස් පවසයි

සටහන – නදීක දයා බණ්ඩාර 

අගෝස්තු 20,LNW මහනුවර : ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව මැදිහත්වී සිදුකරන සියලු සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් යැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.
ඉන්දීය ආධාර වැඩසටහන් යටතේ ඩොලර් බිලියන තුනක වියදමින් මධ්‍යම පළාත තුළ ද සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කරන බව ද මහ කොමසාරිස්වරයා තව දුරටත් පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ අද (20) සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදීය.

ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙරට විහාරස්ථාන හා පිරිවෙන් සඳහා සූර්යය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් දියත් කොට ඇතැයි ඒ මහතා කීවේය. ඒ යටතේ බෞද්ධ විහාරස්ථාන 4000කට ද පිරිවෙන් 800කට සූර්යය පැනල සවි කිරීම ආරම්භ කොට ඇති අතර තවත් බෞද්ධ විහාරස්ථාන 3000කට ඉදිරියේදී සුර්යය පැනල සවි කොට භාර දෙන බව හෙතෙම සඳහන් කළේය.
ඉන්දීය රජයේ මැදිහත්වීම සිදුකරන්නේ කිසිදු භේදයකින් තොරව යැයි කී ඒ මහතා ශ්‍රී ලංකාව හා ඉන්දියාට නිවුන් සහෝදරයන් වශයෙන් හැදින්විය හැකි යැයි ද කිවේය.

ඒ යටතේ දිස්ත්‍රික්ක 25 තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ උතුර සහ ඉන්දියාවේ දකුණ යා කරමින් ඉදිකිරීමට යෝජිත පාලම පිළිබදව සාකච්ඡා කරන බවත් එවැනි ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට වැඩි වාසියක් අත්වනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා තව දුරටත් පැවසුවේය.

මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් ව්‍යෛ අතීරා එස් මිය ඇතුලු පිරිසක් මෙම හමුව සඳහා සහභාගීවූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan