ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සරණාගතයන් රැගත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඇතිවූ ගින්නක් හේතුවෙන් බටහිර ඇෆ්ගනිස්ථානයේ හෙරත් පළාතේ ළමුන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 71 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර බස් රථ රියදුරුගේ අධික වේගය හා නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බව හේරත් පළාතේ පොලිසිය නිවේදනය කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනයත් සමඟ සෑම වසරකම, ගැටුම්, පීඩා, දරිද්‍රතාවය සහ ඉහළ විරැකියාව හේතුවෙන් විශාල ඇෆ්ගන් ජාතිකයින් කිලෝමීටර් 300 (සැතපුම් 186) ඉස්ලාම් ක්වාලා දේශසීමාව හරහා ඉරානයට පැමිණෙන අතර මේ වන විට මිලියන 4කට අධික ලේඛනගත නොකළ ඇෆ්ගන් ජාතිකයින් හඳුනාගෙන ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ තවත් ඇෆ්ගන් සරණාගතයන් තවත් 800,000 කට වැඩි පිරිසකට රට හැර යාමට සිදුවන බව ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්කන්දර් මොමේනි නිවේදනය කිරීමෙන් දිනකට පසුවය.

දශක ගණනාවක යුද්ධයෙන් පසු දුර්වල මාර්ග, මහාමාර්ගවල අනතුරුදායක රිය පැදවීම සහ නියාමනයක් නොමැතිකම හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ රථවාහන අනතුරු බහුලව දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...