ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

Date:

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස අද (20) කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදුකර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රයට සංශෝධන කිහිපයක් එක්කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දෙන ලදී.

අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් මෙම අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට ලබාදීමට කටයුතු කළ අතර ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්පවුවේ මෙම ලේඛන මුද්‍රිත පිටපත් වශයෙන් ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බවයි.

ඊට පිළිතුරු ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය කියා සිටියේ මෙම නඩුකරයට අදාළව ඇමුණුම් වශයෙන් ලේඛන රාශියක් ඉදිරිපත් වී ඇති නිසා ඒවා සංයුක්ත තැටියක් වශයෙන් ලබාදීමට කටයුතු කළ බවයි.

කෙසේවෙතත් මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනරජයට සිදුවන අපහසුව සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත තැටිය භාරගැනීමට සූදානම් බවත් යම් ලේඛනයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුනොත් එහි පිටපත් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කරන ලදී.

ඒ අනුව විනිසුරුවරයා ද අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ විත්තිය විසින් යම් කිසි ලේඛනයක් ඉල්ලා සිටියහොත් එය පිටපත් වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය. එම මූලික විරෝධතා නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා දැනුම් දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...