රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW:

පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ රැජිණන් වන්නට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.තරගාවලිය පුරාම අපරාජිතව පෙරට පැමිණීම සුවිශේෂි කරුණක් විය.ජාතික කණ්ඩායම නියෝජනය කරන මේ වන විට එහි විශ්වසණීයම පිතිකාරිණිය බවට පත් වෙමින් සිටින හර්ෂිතා සමරවික්‍රම මේ ජයග්‍රහණය පිටුපස නාවික හමුදාවට සුවිශාල ශක්තියක් විය.


හර්ෂිතා තරගාවලියේ වැඩිම ලකුණුලාභිණිය වූයේ තරග 9 දී ලකුණු 471 ක් රැස් කරමින්ය.මුළු තරගාවලියටම වාර්තා වූයේ ශතක 4 ක් වූ අතර එයින් දෙකකම හිමිකාරිණිය වූයේ ද හර්ෂිතාය.එසේම නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් පළපුරුදුම පන්දු යවන්නිය වන ඉනෝකා රණවීර තරගාවලියේ වැඩිම කඩුලුලාභිණිය වෙමින් තරග 9 දී ලකුණු 151 ක් ලබා දී කඩුලු 23 ක් ලබා ගැනීම ප්‍රතිවාදීන්ට නාවික හමුදාව අභිබවා යන්නට නොහැකි වූ සුවිශාල බාධකයක් විය.


නායිකාවක ලෙස හංසිමා කරුණාරත්න අවශ්‍යයම අවස්ථාවල මැද පෙළ බිඳ වැටෙන්නට නොදි පිතිකාරිනියක ලෙස ගත් වගකීම මෙන්ම අවසානයට ගුවන් හමුදාවට එරෙහිව වූ සටනේදී තරගය වෙනස් කිරීමට අවශ්‍යය සබඳතාවය බිදීමට පන්දු යවන්නියක ලෙස පැමිණ කළ දායකත්වයද නායකාවක ලෙස වගකීම්වලට උරදීමෙට ඇය තුළ තිබුණු ශක්‍යතාවය පැහැදිළි පැහැදිළි කිරීමක් විය.ඇය සතුව සිටි අත්දැකීම් සහිත හෂිනි පෙරේරා මෙන්ම උදේශිකා ප්‍රබෝධනී ද,සත්‍යා සංදීපනී වැනි ක්‍රීඩිකාවන් ද මැනවින් කළමණාකරණය කර ගැනීමට හංසිමාට හැකිවීම නාවික හමුදා ජයග්‍රහණයට පදනම විය.


ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ආරම්භයේ දී යැපුණේ ත්‍රිවිධ හමුදා කණ්ඩායම් මත වුවත්,වර්මානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ගමට ක්‍රිකට් වැනි පිට පළාත් වෙත යටිතල පහසුකම් සම්පාදනය විමේ වැඩ සටහන් ද,ග්‍රාමීය දක්ෂතා හදුනා ගැනීම සහ ඔවුන්ට පෙරට ඒමට ඇති අවස්ථා පුළුල් වීමක් ද දැකිය හැකිය. ඒ නිසාම මේ වන විට ත්‍රිවිධ හමුදාවන්ට අයත් සීමාවන් අතික්‍රමණය කරමින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් පෙරට පැමිණෙමින් ඇති අතර ක්‍රීඩිකාවන්ට ඇති අවස්ථාවන් පුළුල් වී ඇත.


චිලව් මේරියන්ස් කණ්ඩායම ඉකුත් වසරේදී එහි පෙරළිකාරී ජයග්‍රාහිකාවන් වූ අතර මෙවර ද අනු සූරියන් වූවාය.මෙවර පෙරට ආ ක්‍රීඩා සමාජ අතර කැපී පෙණුනම කණ්ඩායම වූයේ පානදුර කණ්ඩායමය.ඔවුන් යුද හමුදාව වැනි ජාතික කණ්ඩායම් ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සිටින කණ්ඩායම් පවා අභිබවා සිව්වන තැනට පත් විය.ලාංකේය කාන්තා ක්‍රිකට් ආධිපත්‍යය දරා සිටින රත්ගම දේවපතිරාජ නියෝජනය සළකුණු කළ නව දෙනෙකු ද සමඟ පිටියට පිවිසි බදුරලිය කණ්ඩායමද මේ වසරට වඩා එන වසරේ අප දෙස බලා සිටින්න වැනි පණිවිඩයක් නිකුත් කරමින්ය.


දිවයිනේ පළාත් නවයම පාහේ නියෝජනය කරන ක්‍රීඩිකාවන් තරගාවලියේ දැකිය හැකි වීම අපූරු එකක් විය.පළමු තරගයේ සිට අවාසනය දක්වා විමසා බැලීමේදී කණ්ඩායම් සෑම එකක්ම පාහේ ආරම්භයේ සිටියාට වඩා යහපත් තත්ත්වයකින් සිටිනු දකින්නට හැකිවීම කැපී පෙණින.පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා කාන්තා ක්‍රිකට් ලාංකේය කියන අනන්‍යතාවයට වඩාත් පුළුල් අරුතක් දෙමින් සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි දක්ෂයන් නිර්මාණය කරමින් සිටීම කැපී පෙණෙයි.

ඈත ගම්වල ක්‍රිකට් ප්‍රේමයට ආමන්ත්‍රණය කළ ප්‍රේමසර ඈපාසිංහ,පාලිත පෙරේරා වැනි හඬ පෞරුෂ සමඟ වෙලි තමන්ට ස්පර්ශ කරන්න බැරි දුරක සිටි වීරයන් හදවතින් වැළඳගත් මිනිසුන්ගේ පරම්පරාවට තමන්ගේ අසල්වැසියා,ඥාතියා පිටියට බැසීම ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමට හැකි තරමට විකාශය වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවකට පාර සැකසෙමින් තිබීම ලංකාවේ ක්‍රිකට් ලබන ජයකි.ඊට කදිම නිදසුන් පෙණුන තරගාවලියක් ලෙස කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නිදසුන් ලෙස ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...