බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කාබුල් බලා යමින් සිටි බස් රථයක්, ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන්, බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබෙන අතර, ඉන් 17 දෙනෙකු ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි .

අනතුරෙන් පසු බස් රථය ගිනිගෙන ඇති අතර ඉන් පසු මෙම ජීවිත හානි සිදුව ඇත.

බස් රථයේ සිටි සියලු දෙනා මෙන්ම අනෙක් වාහනවලින් පැමිණි දෙදෙනෙකු ද මිය ගිය පිරිසට අයත් බව වාර්තා වේ.

රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල අනතුරට හේතුව බවට සැක කෙරෙන අතර, මෙලෙස මියගිය බහුතරය ඉරානයේ සිට පැමිණි ඇෆ්ගන් සංක්‍රමණිකයින් විය හැකි බවට පැවසේ.

1970 සිට, මිලියන ගණනක ඇෆ්ගන් ජාතිකයින් ඉරානයට සහ පකිස්ථානයට පලා ගොස් තිබුණි . කෙසේවෙතත් ලේඛනගත නොකළ ඇෆ්ගන් ජාතිකයින්ට ස්වේච්ඡාවෙන් පිටව යාමට ඉරානය ඉකුත් දා අවසාන නිවේදනයක් නිකුත් කළ අතර, ඒ අනුව ඉරානයේ සිටි ඇෆ්ගන් ජාතිකයින් විශාල වශයෙන් එරටින් පිටවීම ආරම්භ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව ජනවාරි මාසයේ සිට ඇෆ්ගන් ජාතිකයින් මිලියනයකට වැඩි පිරිසක් ඉරානයෙන් පිටව ගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...