මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

Date:

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම් හෙක්ටයාර් 3122ක් මහනුවර දිස්ත්‍රික්කය තුළ පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මඩ ඉඩම් හෙක්ටයාර් 2559ක් සහ ගොඩ ඉඩම් හෙක්ටයාර් 563ක් ඊට අයත් වන බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී නියෝජ්‍ය කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව දැනට කඩිනමින් වගා කළ හැකි භූමි හදුනාගෙන වගා කිරීම් ආරම්භ කළ බවත් ඒ අනුව දැනට මඩ ඉඩම් හෙක්ටයාර් 670 සහ ගොඩ ඉඩම් හෙක්ටයාර් 93ක් වගා කිරීම ආරම්භ කළ බවත් ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු මගින හදුනා ගන්නා භූමි එම කමිටු තීරණ අනුව වගා කිරිම කඩිනම් කරන බව ද ඒ මහතා කීවේය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනි යන මහත්මීන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...