බෝල්ෂෙවික් වාදය ෆැන්ටසියක්ද, යථාර්තයක්ද …? – 89 සහෝදරත්වය (VIDEO)

Date:

රුසියාව 1917 දී විප්ලවීය තත්වයක ට ඔසවාතැබූ බෝල්ෂෙවික් වාදය නැවත නැවතත් අසමත් වුනු අසාර්ථක පරීක්ෂණයක් බවත්, 21 වන සියවසට ගැලපෙන අයුරින්ද, සම්භාව්‍ය මාක්ස්වාදී ප්‍රවාදයන් වලට අනුවද ලෝක සමාජවාදී වැඩපිලිවෙල යාවත්කාලීන වියයුතු බවටත් “89-සහෝදරත්වය” කංඩායම විසින් බෝල්ෂෙවික් වාදය පිලිබඳව සංවාදයකට මුලපුරමින් කියාසිටී.

89 අරගලයේ ක්‍රියාකාරීන් ලෙසත් ඉන්පසු දශකකීපයක් වාමාංශික පක්ශ දේශපාලනයේ නියැලුනු දේශීය හා විදේශයන්හි වෙසෙන ක්‍රියාකාරීන් පිරිසක් විසින් “89-සහෝදරත්වය” පිහිටුවාගෙන ඇති අතර, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන බවද පවසා සිටී.

තවද ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝක පරිධියේ පවතින කුඩා රටවල සමාජවාදය මුලින් පිහිටුවාලීමට ගතිකයන් නොමැති බවත්, ඊටපෙර මාක්ස් පෙන්වාදුන් පරිදි ධනේශ්වරයේ මූලික ආකෘතීන් ඇතිවී නිශ්පාදන බලවේග ඉහල තලයකට වර්ධනය වියයුතු බවටත්, මහාකර්මාන්ත අබියස ඒවායේ දියුනු කම්කරු පංතියක් ඇතිවිය යුතු බවටත් මෙම සාකච්චාව හරහා ඔවුන් පෙන්වාදීමට උත්සාහ කරයි.

“89-සහෝදරත්වය” සංවිධානය විසින් සමාජවාදය ලෙස ලොවවටා පැමිනි බෝල්ෂෙවික් වාදය, සම්භාව්‍ය මාක්ස්වාදය තුල තබා ප්‍රශ්න කරනු ලබයි.

සමාජවාදය ලෙස ලංකාවට පැමිනියේද ස්ටැලින්වාදය බවත්, හෙට දවසේ ලංකාවේ සමාජවාදය පිහිටුවිය නොහැකිබවත්, ඒ සදහා මාක්ස් පෙන්වාදුන් අවධි පසුකර යායුතු බවටත් ඔවුන් සංවාදයක නිරතවෙයි.

මේ ඔවුන් විසින් බෝල්ෂෙවික් වාදය පිලිබදව් ගෙනඑන සංවාදයක එක් පියවරකි …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...

ඌවට ආ දකුණේ සෙනෙහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : සමාජයේ විවිධ කණ්ඩායම්...