ගලගොඩඅත්තේ හාමුදුරුවෝ යක්ෂයෙක්ද ?

Date:

ගලගොඩඅත්තේ හාමුදුරුවෝ අතින් ලාල් අයිය පිරිත් නූලක් ගැටගහ ගන්න එක ගැන ෆොටෝ එකක් ශෙයා වෙනවා. ඒක ගැන විවිධ කතාබහත් මේ වෙනකොට පැතිරෙනවා. සමහරු ජනප්‍රිය දේශපාලනය ඇතුලේ එහෙම කළාට කමක් නැහැ කියනවා. සමහරු එහෙම හරි නැහැ කියනවා.

දැන් මේ ෆොටෝ එකේ ගේස් පොයින්ට් (gaze point) එක ලාල් අයිය. ඇත්ත තමයි ගලගොඩඅත්තේ හාමුදුරුවන් අතින් ගැට ගහන නිසා ඒ හාමුදුරුවන්ටත් අවධානයක් තියනවා. හැබැයි ෆොටෝ එක බලන හැමෝගෙම අඩුම අවධානය තියෙන්නේ බුදුහාමුදුරුවන් ට. ලාල් බුදුන් ලඟට ගිය එක ගැන මට නම් කිසිදු අවුලක් නැහැ. ඒ සන්දර්භය ඇතුලේ පිරිත් නූලේ ගැටළුවකුත් නැහැ.

එහෙනම් දැන් ගැටළුව වෙන්න පුළුවන් බුදුන් සහ ලාල් අතර ඉන්න ගලගොඩඅත්තේ හාමුදුරුවෝ ද?

මම ආසයි තවත් බැණුම් අහන්න පුළුවන් දෙයක් ගැන කතාකරන්න. මොකද මේ දවස්වල මම ඉන්නේ දුන් දේවල් ආපසු ලැබෙන තැනක හින්ද (receiving end).

දැන් අපි ගලගොඩ අත්තේ හාමුදුරුවෝ ගැන ඉන්නේ නිකම් පට්ට අවුල් තැනක නේද? එයා ජාතිවාදියි. ආගම්වාදියි. මූලධාර්මිකයි වගේ තැනක නේද? ඒ නිසා නේද අපි එයා ගැන නෙගටිව් විදියට හිතන්නේ. මම කියන්නේ ගොඩක් වෙලාවට.

මම ගලගොඩ අත්තේ හාමුදුරුවෝ එක්ක මුහුණට මුහුණ කවදාවත් කතා කරලා නැහැ. හැබැයි එයාව ලඟින්ම ඇසුරු කරපු දෙන්නෙක් එයා ගැන කියුව දෙයක් මෙතන මම ලියල තියන්නම්.

එකක් තමයි සමලිංගික සහ අනෙකුත් ලිංගික අනන්‍යතා ගැන ඒ හාමුදුරුවෝ දරන මතය. අමුවෙන් කිව්වොත් මෙහෙමයි. ”අනේ මහත්තයෝ ඒ මිනිස්සුත් මිනිස්සුනේ. ඔන්න ඔහේ එයාලට ඕනි විදියට ඉන්න දෙන්න”.

මේ ස්ථාවරය මට නම් සටන්කාමී එකක් නොවුණත් ඉවසන සුළු එකක්. ඒ හොඳටම ඇති.

දෙක තමයි මෑතක 13 වෙනි සංශෝදනය ගැන කියද්දී කියපු එක.

අනේ මහත්තයෝ වෙන මොනවා හරි වැඩකට ඇති දෙයක් කතා කරමු ද?

ඒකත් හොඳටම ඇති….

ගලගොඩඅත්තේ හාමුදුරුවෝ කිව්වම අපේ හිතට එන්නේ යක්ෂයෙක් වගේ හැඟීමක් නේද? සමහර වෙලාවට සත්‍යය කියන්නේ අපි දකින දේම නොවෙන්න පුළුවන්. ඒක මේ ෆොටෝ එකටත් අදාළයි.

එඩිට්ද නැද්ද මේකට අදාල නැහැ. ඒ වගේම ඒ හාමුදුරුවන්ගේ දේශපාලනය එක්ක මම එකඟත් නැහැ. හැබැයි මේ කෑල්ල කවුරුවත් අතින් නොලියවෙන්න තිබ්බ හින්ද ලිව්වේ.

Image@FB

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...