*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

සවීඩනය තුනෙන් පහළට නොවැටී බේරෙයි – අද එංගලන්තයටත්,වෙයිග්මාන්ටත් තීරණාත්මක දවසක්

ලෝක කාන්තා පාපන්දු ඉතිහාසයේ වරක් අනු සූරතාවයද,තෙවරක් තෙවන තැන ද දිනා සිටි ස්වීඩනය මෙවර ලෝක කුසලානයේ දී ද තෙවන තැන තැන සඳහා තරගයට සුදුසුකම් ලැබුවා.එහිදී ඔවුනගේ ප්‍රතිවාදීන් වූ සත්කාරක රාජ්‍යයක් වන ඕසට්‍රේලියාව තරගාවලියේ ඉහළ දස්කම් පෙන්වා තිබුණ කණ්ඩායමක් ලෙස ස්වීඩනය තෙවන තැනින් පහළට ඉඩ දමනු ඇතැයි විචාරක මත ද පළ වුණා.නමුත් තමන්ගේ ඉතිහාසයේ කීර්තියට හානියක් නොවන්නට කැපී වී ක්‍රියා කළ ස්වීඩන් ක්‍රීඩිකාවෝ සත්කාරයකන් අභිබවා ගෝල 2-0 ජයකින් සිය අභිමානය රැක ගත්හ.


තරගයේ තිස්වන විනාඩියේදී ක්‍රියාත්මක වූ ෆ්‍රිඩෝලිනා රොල්ෆෝ ස්වීඩනයට පළමු ගෝලය ලබා දුන්නා.දෙවැන්න වාර්තා වූයේ 62 වන විනාඩියේදී.ගෝපයේ හිමිකාරිය වූයේ කොසොවර් ඇසල්ලානි යි.එම ලකුණු තත්ත්වය තරගය නිමා වන තෙක්ම පාලනය කර ඕසට්‍රේලියාව අභිබවා යන්නට සමත් වුණත්,ඔස්ට්‍රේලියාවද සිය සත්කාරකත්වය වෙනුවෙන් හොඳ සූදානම් වීමක් පෙන්වමින් ඉතිහාසයේ පළමු වරට ලෝක සූරතා කාන්තා තරගාවලියක අවසාන කණ්ඩායම හතර අතර සිය නම රඳවා ගන්නට සමත් වුණා.
අවසාන තරගයට මුහුණ දෙන එංගලන්තය සහ ස්පාඤ්ඤය ගත් විට කණ්ඩායම් දෙකම ලෝක කුසලාන අවසන් තරගයකට කෝඩුකාරීයි.නමුත් එංගලන්තය මීට පෙර එක් වතාවක් අවසාන කණ්ඩායම් හතරට පැමිණ තිබෙනවා.එහෙත් විශේෂතවය වන්නේ එංගලන්තයේ මෑත කාලීන පිබිදීම.ඊට බොහෝ විට හේතුවන්නී පුහුණුකාරිණී සරීනා වෙයිග්මන් බව ලෝකයම දන්න රහසක්.


මේ තරගාවලියේ එංගලන්තය සතුව නම් ගිය ක්‍රීඩිකාවන් හැටියට ලෝකය දැනගෙන උන්න ඇතැම් ක්‍රීඩිකාවන් නැහැ.ඔවුන් ආබාධවලට වෙලා ගොදුරු වෙලා ඉන්නෙ.එහෙත් කණ්ඩායමක් කියන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක්ගේ බූදලයක් නොවන බව මේ වන විට වෙයිග්මාන් ඔප්පු කර තිබෙනවා.එංගලන්තය මේ තරගාවලියේ විශේෂ වී තිබෙන්නේ කණ්ඩායම් සංකල්පය ක්‍රියා පදයක් බවට පෙරලන්නට සමත් වී තිබෙන නිසයි.
ලියාහ් විලියම්සන්, බෙත් මේඩ් සහ ෆ්‍රෑන් කර්බි වැනි නම ගිය එංගලන්ත ක්‍රීඩිකාවන් මේ තරගාවලියේදි දකින්නට ලැබුණෙ නැහැ.හිටපු සමහර ජ්‍යෙෂ්ඨයන් වුවත් ආබාධවලට ලක් වීම නිසා නැත්නම් විනිසුරු අවවාදවලට ලක්වීම නිසා තරග පිටියට එන්න බැරි වීමත් කියන කාරණා එංගලන්ත කණ්ඩායමට බලපෑවේ නැති බව යහපත් තත්ත්වයක්.


පන්දුව ප්‍රතිවාදීන්ගෙන් උදුරා ගැනීම මෙන්ම පන්දුව ප්‍රතිවාදීන් වෙත යොමු කිරීම ද වෙන්නෙ එකිනෙකා කෙරෙහි වූ විශ්වාසයකින් වීම නිසාත්,ඒ තත්ත්වය එංගලන්ත පාපන්දු කණ්ඩායමේ අනන්‍යතාවය කළේ සරීනා වෙයිග්මන් නිසා ත් අද අවසාන තරගයේදී එංගලන්තය ජයගනු ඇතැයි සිතන ලෝක වාසීන් ප්‍රමාණය ස්පාඤ්ඤය දිනනු ඇතැයි විශ්වාස කරන පිරිසට වඩා වැඩියි.මීට වසරකුත් මාසයකට පමණ ඉස්සර 2022 දී ජූලි මාසයෙදි යුරෝපා කාන්තා පාපන්දු කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය සහ ස්පාඤ්ඤය හමු වුණා.ප්‍රතිපලය වුණේ 2-1 ලෙස එංගලන්තය ජය ගැනීම.එංගලන්තය එතැනින් නොනැවති සූරියන් ද වුණා.
නමුත් ස්පාඤ්ඤය කියන්නෙත් මහා පාපන්දු සංස්කෘතියක් උරුම කර ගත් රටක්.ඒ වගෙම මේ පාපන්දු ලෝක කුසලානයේ දි ඔවුන්ගේ සුපිරි ක්‍රීඩිකා අයිරින් පරේදෙස් ගැන පමණක් අවධානය යොමු කර නිහඬ වන්නට එංගලන්තයට නොහැකි වනු ඇත.ජෝජ් විල්ඩාගේ පුහුණුකාරීත්වය ලබන ස්පාඤ්ඤය හෙවත් පාපන්දු ලෝකයේ ආදරණීය නාමය “ලා රෝජා” වෙනුවෙන් දඟවා එක්වරම මතු කරන 19 හැවිරිදි සල්මා පැරලුලෙලෝ ද විශාල පෙරළිකාරියක විය හැකිය.දැනටමත් තරග දෙකක්ම ස්පාඤ්ඤය දෙසට හරවමින් ජයග්‍රහණය කරා රැගෙන යන්නට සමත් වී සිටින සල්මා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට බැරි නැත.එහිදී වඩාත්ම වැදගත් ස්පාඤ්ඤයේ ජයග්‍රහණයය.
කෙසේ වුවත් තව පැය කිහිපයකි.පාපන්දු ලෝක සූරියන් කවුද යන්න තීරණය වනු ඇත.දැනට තරගාවලියේ වැඩිම ගෝල්ලාභිණිය ලෙස රන් සපත්තුවට සමීපව සිටින්නේ ජපානයේ හිනාටා මියාසාවා ය.ඇය ගෝල 5 ක් ලබා ගෙන ඇත.අවසන් තරගයට ක්‍රීඩා කරන එංගලන්තය සහ ස්පාඤ්ඤය අතරින් ස්පාඤ්ඤයේ ඇලෙක්සැන්ඩ්‍රා පොප් ගෝල 4 ක් ලබා ගෙන ඇත.එංගලන්තය වෙනුවෙන් ගෝල ලබා ගැනීමෙන් පෙරමුණේම සිටින්නී ලොරේන් ජෙම්ස් ය.ඇය ගෝල 3 ක් ලබා ගෙන ඇත.

සසටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan