සටහන – රුවන් නෙළුගොල්ල
ජනාධිපතිවරණයෙන් පසු ගම්වල සාමය පවත්වාගෙන යාම ජාතික ජන බලවේගය විසින් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ගොඩනඟා ඇති තම පක්ෂයේ කොට්ඨාස සභාවලට පවරන බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අපි දැන් ගම්වල හදලා තියෙනවා කොට්ඨාස සභා. දැන් අපි ඒ කොට්ඨාස සභා මෙහෙයවන්නේ ඡන්ද කරන්න. ඡන්දෙන් පස්සෙ ගමේ සාමය තියාගෙන යන්න වැඩකරන්නෙ අපේ කොට්ඨාස සභාව. අපි මොකටද ගමේ අය ගහගන්නෙ ? ඒ ගහගත්තු යුගය අපි ඉවර කරන්න ඕනා. ඡන්දෙ නොදුන්නු අයත් අපි එකතු කරගන්න ඕනෙ මේ රට හදන්න”
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ගල්ගමුව ප්රදේශයේ පැවති ප්රචාරක රැලියක් අමතමිනි.