*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

වාරියපොළෙන් ටෙස්ට් ක්‍රීඩකයෙක්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 21, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව පවතින තත්ත්වය අනුව ලංකාව පුරා සමානව ව්‍යාප්ත වී නැතත්,ඉතා අවම පහසුකම් යටතේ වුව හඳුනාගත් දක්ෂයෙකුට ජාතික තලයට සහ අන්තර්ජාතික පිටියට පිවිසෙන්නට අවස්ථාව තිබෙන බව තහවුරු කරමින් අද දිනයේ ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක කැඳවන්නට නියමිතව තිබෙනවා.


පහසු සැහැල්ලු ගමණක් නොවුණු වාරියපොළ සිට ජාතික තලයට සේන්දු වී මුල් පෙළෙ තරග 40 ක් පමණක් ක්‍රීඩා කර ඇති මිලාන්ට ඒ අවස්ථාවන් අවසන් කරන්නට සිය වයසෙන් අවුරුදු 28 ක් ගෙවා දමන්නට සිඳු වී තිබෙනවා.28 හැවිරිදි මිලාන් වාරියපොළ ශ්‍රී සුමංගලයෙන් ක්‍රිකට් පිටියට පිවිස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් පළමු පළමු පෙළ තරගයට සහභාගි ව ඇත්තේ 2016 වසරේ යි.මේ වන විට මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන මිලාන් පළමු පෙළ කඩුලු 81 ට හිමිකම් කියනවා.එසේම පිතිකරුවෙක් වශයෙන් ද ඔහු පළමු පෙළ අර්ධ ශතක දෙකකට හිමිකම් ඇති ක්‍රීඩකයෙක්.


කාලයක් තිස්සේම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සාමාජිකයෙක්ව සිටියත් මේ වන විට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබී නැති මිලාන්,අද මැන්චෙස්ටර් හී ද ආරම්භ වන එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ෆේස් බුක් අඩවිය ද දක්වා තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan