හරීන් තරුණ සේවා සභාව එක්ක කරපු කෙලි අපි දන්නවා – වසන්ත යාපා!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

ඇමති හරීන් තරුණ සේවා සභාව එක්ක කරපු කෙලි මන්ත්‍රී වසන්ත යාපා සභාවට කියයි.

“හරීන්ලට අපි කියනවා තමුන්නාන්සේලාට කොකේන් ගහන්න නෙමෙයි මේ රටේ මහජනතාවගේ බදු මුදල් තියෙන්නේ. තරුණ සේවා සභාවේ සභාපතියි, ඇමතියි දෙන්නා මාරුවෙන් මාරුවට තමන්ගේ සමාගම් දෙකට තමයි මුදල් වියදම් කරේ.

හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර උසාවිය හරහා මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරා. ඉවත් කරේ නැතිනම් මේක මූණට මූණතියලා අපිට කතා කරන්න තිබුණා. මොකක්ද මේ දෙන්නා පහුගිය කාලේ කරේ. මම ඉතාම පැහැදිලිව කිව්වා ගරු සභාපතිතුමනි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගිහිල්ලා හරින් ප්‍රනාන්දු ස්මාර්ට් ශ්‍රී ලංකා (SMART Sri Lanka) කියලා වැඩසටහනක් පටන් ගත්තා. ජනාධිපතිවරයා පසුගියදා රුපියල් කෝටි 875ක් පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කර ගත්තා. ඒ වෙන් කරගෙන හරීන් ප්‍රනාන්දුගේ අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 8000 වෙන්කරලා දුන්නා. මොකක්ද මෙයා මේකෙදි කරේ.

පහුගිය 2024 අප්‍රේල් අවුරුදු උත්සව පවත්වන්න රුපියල් ලක්ෂ 300 යි. 2024 මැයි වෙසක් උත්සවයට රුපියල් ලක්ෂ 450 යි. මහරගම වෙසක් කලාපයට රුපියල් ලක්ෂ 100යි. දිවයින පුරා SMART YOUTH NIGHT කියල මෙයා සංගීත ප්‍රසංග පවත්වාගෙන යනවා. වේදිකාවට ලක්ෂ 80යි. සංගීත කණ්ඩායමට ලක්ෂ 25යි. කලාකරුවන්ට ලක්ෂ හතළිහයි. එදා නෙළුම් කුළුන ළඟට තරුණ තරුණියෝ ගෙනල්ලා එතන අරක්කු ඒ වගේම බියර්, ඒ වගේම තමයි මත්පැන් එතන අලෙවි කරන්න සැලැස්සුවා. තරුණ සේවා සභාවේ ළමයින්ට ඒවා කරන්න පුළුවන්ද. සමහර ඇමතිලා කොකේන් ගහන බව අපි දන්නවා.

හරීන්ලට අපි කියනවා තමුන්නාන්සේලාට කොකේන් ගහන්න නෙමෙයි මේ රටේ තරුණ තරුණයින්ගේ අහිංසක දුප්පත් මහජනතාවගේ බදු මුදල් තියෙන්නේ. අද දෙවේලක් කන්න බැරි පවුල් ඉන්නවා ලක්ෂ 50ක්. කොකෙන් ගහන්න ඇමතිලට ජවුසන් නටන්න ඇමතිලට මේ විදියට මුදල් කාබාසිනියා කරන්න දෙන්න බෑ. හරීන්ට අපි කියනවා එළියේ ඉඳන් පුළුවන් නම් මේ වගේ තරුණ ජනයා මත්ද්‍රව්‍යවලට යොමු කරපු තමුන්නාන්සේ කතා කරන්න කියලා මං කියනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...