එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත් ජනතාව වැටී ඇති තත්වයටත් පත් වෙන්නට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ වන විට ගෝඨාභය රාජපක්ෂලා නැවත කරලියට එමින් සිටින බවත්,ඒ හරහා සැඟවී සිටි කපුටන් ක්‍රියාත්මක වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, නැවතත් පරණ සෙල්ලම ආරම්භ වී ඇතැයි ද පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ බලවතුන් තම තමන්ගේ බල න්‍යායපත්‍රය තහවුරු කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ සර්වපාක්ෂික සූදුවක් පටන් ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ ජනතාව අන්ත අසරණ වී සිටියදී කපුටු ආණ්ඩුවක ඇමති තනතුරු ලබා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.
කෙසේ වෙතත් මේ මොහොතේ රට පත්ව සිටින්නේ වෙන කවරදාටත් වඩා විශේෂ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකවරයා සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් කැප වන බව ද පැවසීය.
රට ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් ලබන සතියේ ජනාධිපතිවරයා හමුවන බව පැවසූ ඒ මහතා රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන බවත් ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (20) යටියන්තොට සමගි ජනබලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
RN