ගෝඨාභය රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

Date:

ලබන සතියේදී මෙරටට ආපසු පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙනුත් නෛතික කටයුතුවලදී සහ විදෙස් සංචාරවලදී අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික භාවය ලබාගැනීම වෙනුවෙනුත් මෙසේ ඒ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙනු ඇති බව සඳහන්.

ඒ අනුව, ඒ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මේ වනවිටත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...