ගජමිතුරු ධනවාදය තිබෙනකම් මේ රට ගොඩ ගන්න බැහැ. එය නැවැත්විය යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ජාත්‍යන්තර සමීක්ෂණවලට අනුව අපේ රටේ දරුවන් ලක්ෂ 29කට වැඩි ප්‍රමාණයක් හරියාකාර පෝෂණයක් නොමැතිව අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් මව්වරුන්ට දරුවන්ට අනිවාර්යයෙන්ම ලැබිය යුතු ත්‍රිපෝෂ සහනය ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවන බවත් විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාතික ආරක්ෂාව කියූ පමණින් බොහෝ දෙනෙකු එය ආරක්ෂක අංශ සම්බන්ධයෙන් අදහසක් ගනු ලැබුවත් එය වැරදි බවත් ජාතික ආරක්ෂාවට ඇති පුළුල් නිර්වචනයක් අනුව එයට ආගමික සංස්කෘතික ආර්ථික සමාජීය සිවිල් දේශපාලනික ආරක්ෂක අංශ ආදී පැතිකඩ මෙන්ම අධ්‍යාපනය සුරක්ෂා කිරිම සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමත් ඊට අයත් වන බවත් ඒ අනුව අප රට දැනට පවතින්නේ අනාරක්ෂිත තත්ත්වයක බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බංකොලොත්භාවයට පත් වන රටවල සුපුරුදු කාර්ය වන්නේ අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් සොයා බැලීම වුවත් අනුන්ගේ රළු වචනවලට අනුන් කළ නොකළ දේ පිළිබඳ සොයනවා වෙනුවට තමන් කළ නොකළ දේ පිළිබඳ සොයා බැලීම වැදගත් යැයි බුදුරදුන් වදාළ බවත් ඒ අනුව මේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට සියලු දෙනාම වගකිය යුතු නමුත් පවතින දේශපාලන සංස්කෘතිය තුළ එය සිදු කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා අද මේ රටේ තනතුරු තාන්න මාන්න පට්ටම් හඹා යන ගජමිතුරු දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය වෙනස් විය යුතු බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) නාකලගමුවේ ශ්‍රී සුමනසාරාභිධාන නායක හිමිට ද්විතීය සංඝනායක පදවිය පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටේ ජනතාව දුක් විදින කොට ගජමිතුරු ධනවාදය හරහා රටේ සීමාසහිත සම්පත් කාබාසිනියා කරන යුගයක් ඇති ව තිබෙන බවත් අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය නොකර ගජමිතුරු පාලනයක් ඔස්සේ අදටත් රට තුළ දූෂණය වංචාව හොරකම ක්‍රියාත්මක වන බවත් එය ජාතික අපරාධයක් හා ඛේදවාචයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙකී මිලේච්ඡත්වය හොරකම වහාම නතර කර ජාතික ඒකාග්‍රතාවකින් යුතුව රට ගොඩගැනීමට සැවොම එක්විය යුතු වුවත් අද වන විට වරප්‍රසාද වරදාන හමුවේ ඇමති තනතුරු හමුවේ තම ආත්මය ප්‍රතිපත්ති හැදියාව හා රට පාවා දෙන බවත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් රටේ විනාශය නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අවස්ථා කිහිපයක්ම තමාට ද අගමැතිකම් බාර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් දින 52 ආණ්ඩු කාලයේ අගමැතිකම් බාර ගන්නා ලෙස 71 වතාවක් ඉල්ලා සිටි බවත් රට බංකොලොත් කළ ජනාධිපතිවරයා පවා වගකීම් බාර ගන්නා ලෙස ඉල්ලීම් සිදු කළ බවත් එය හෘද සාක්ෂියට එකඟ නොවූ නිසා බාර නොගත් බවත් වරමක් නොමැතිව රටේ පාලනය බාර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශය හොඳ තැනෙක

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: බංගලාදේශය සහ ශ්‍රී ලංකාව...

රිමාන්ඩ් කළ කෙහෙළිය ඇතුළු පිරිසට බන්ධනාගාරයේ ලැබුණු තැන!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු...

කොළඹ පරාජයෙන් පසු සජබෙන් ඇමති වටගලට වටකර පහරදීමේ මෙහෙයුමක්

කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන්...

කොළඹ කොටස් වෙළඳපොලට දින 4 කදී බිලියන 202 ක් අහිමි වෙයි !

පිටපිට සිව්වැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක් ඊයේ (18)...