ඉන්දියාවත් සමග පසුගියදා රනිල් අත්සන් කළ ගිවිසුම භයානකයි – අනුර (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවත් සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම තුළින් භයානක තත්වයක් උද්ගතව ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ පහුගියදා ගියා ඉන්දියාවට. ඉන්දියාවත් එක්ක යම් අවබෝධතා ගිවිසුමකට, එකඟතා ගිවිසුමකට එළඹුනා. රනිල් වික්‍රමසිංහ පහුගියදා ගොස් අත්සන් කරපු ගිවිසුම මොකක්ද ? ඉන්දියාව සමග විදුලි රැහැන් පද්ධතියෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නල පද්ධතියෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ඒකකයෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතිකමය ලෙස සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගුවනින් ගොඩබිමින් මුහුදෙන් සම්බන්ධ වූ රටක්. මොකක්ද මේ ? ප්‍රශ්නයක් නැද්ද ? ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ අපි නිදහස්ව තවත් ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය අතපය නිදහසේ තියාගෙන. හැබැයි මේ ගනුදෙනුවෙන් ඇවිල්ලා අපි මුළුමනින්ම ඉන්දියාව හැර අපිට වෙන කිසිදු දේශපාලන හෝ ආර්ථික තීන්දුවක් ගන්න බැරි තත්වයක්. දැන් මේක අත්සන් කළේ රනිල් වික්‍රමසිංහ. දැන් රනිල් වික්‍රමසිංහට එවැනි භයානක, රටේ අනාගතයත් එක්ක ඉතාම තීරණාත්මක ලෙස බැඳී තිබෙන ගිවිසුමක් අත්සන් කරන්න ජනතාව ලබාදී තිබෙන ජනවරම මොකක්ද ? එහෙම ජනවරමක් ලබාදීලා නෑ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) ගාල්ලේදී පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...