ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරියේදී පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ විවාදවලට සහභාගී නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා .එයට හේතුව ලෙස,  2024 මැතිවරණය සඳහා පක්ෂයේ අපේක්ෂකයා වීමට අනෙකුත් අයට වඩා තමාට අවස්ථාව ඇති බව නවතම මත විමසුමකින් පෙන්නුම් කළ බව හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ.

රිපබ්ලිකන් ජනාධිපති ප්‍රාථමික විවාදය අගෝස්තු 23 වෙනිදා පැවැත්වෙනු ඇති අතර දෙවන විවාදය පසු දිනයේ පැවැත්වෙනු ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරි මාසවලදී අවම වශයෙන් තවත් විවාදයන් දෙකක් අපේක්ෂා කෙරෙන බවයි.

රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 2024 ජනවාරි 15 වන දින අයෝවා ප්‍රාන්තයෙන් ආරම්භ වන නමුත් එය ජය ගැනීම සඳහා තවත් විවාද පැවැත්වීමට ඉඩ ඇති බවද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සාපරාධී චෝදනා රැසකට මුහුණ දී සිටින ට්‍රම්ප් මේ වන විට රිපබ්ලිකන් අපේක්ෂකත්වයේ ඉදිරියෙන්ම සිටින බව මෑත කාලීන මත විමසුම්වලින් නිරන්තරයෙන් පෙන්නුම් කර ඇති බවයි.

අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිව් වතාවක් සාපරාධී අධිචෝදනා ගොනු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...