NPP ජනාධිපති අපේක්ෂකයා තීරණය කර අවසන් – විජිත

Date:

කොළඹ LNW: මීළඟ ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ වන විටත් තෝරාගෙන තිබෙන අතර ජාතික ජන බලවේගයේ වත්මන් නායක අනුර දිසානායක මහතාව එලෙස තෝරා ගෙන තිබෙන බව එහි ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“මේකේ රජවරු නැහැ . මාලිමාවේ රජවරු තනන්නේ නැහැ. මේ දේශය අවදිකරනු මැන සහෘදයාණෙනි. වෙන කව්රුත් නෙමෙයි මාලිමාවේ ජනතාවාදී, මානව හිතවාදී, මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා දැනටමත් අපි තීන්දු කරලා තියෙන්නේ. අපේ මාලිමාවේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරලා තීන්දු අරගෙන තියෙන්නේ දැනටමත්. අපි සුදානම් දැනටමත් අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වය යටතේ ජනාධිපතිවරණ සටනට මුහුණ දීලා මීළඟ ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කරලා රට භාරගන්න අභියෝගය අපේ උර මතට ගන්න” යි විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ ආසන සමුළුව අමතමිනි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...