ශාරිරික අබාධවලට එරෙහිව ක්‍රිකට්

Date:

ශාරීරික ආබාධ පරාජය කළ හැකි ක්‍රිකට් ක්‍රීඩාවක් මේ මොහොතේ ජාත්‍යන්තරය ආක්‍රමණය කළ හැකි මට්ටමෙන් මේ පොළවේ ක්‍රියාත්මක වන බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.නමුත් වැඩි හඩක් නැතුව එම කණ්ඩායම පසුගිය කාලයේ ජාත්‍යන්තර පිටියේ දක්වා ඇති දක්ෂතා සාරංශ කර පහත ආකාරයට දැක්විය හැකිය.

2023 පෙබරවාරි – මාර්තු – ශූරතාවය – හරූන් – ලක්ෂාන් අභියෝගතා ශූරතාවලිය ඉන්දියාවේදී

2022 – තුන්වන ස්තානය – බංගබංදු සිවුකොන් කුසලානය බංගලාදේශයේදී

2019 – ශූරතාවය – වේල්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

2018 – අනුශූරතාවය – ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

2017 – අනු ශූරතාවය – බංගලාදේශ තුන්කොන් තරගාවලිය

2015 – ශූරතාවය – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය

2015 – තුන්වන ස්තානය – ආසියානු කුසලානය – ඉන්දියාවේදී

2014 -අනු ශූරතාවය -ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

දැනටමත් සිය නිරෝගී දෙපයෙන් මලල ක්‍රීඩාව හරහා රටට කීර්තිය ගෙනා දුලාන් ප්‍රියශාන්ත වැනි ක්‍රීඩකයන් යතුරු පැදි අනතුරෙන් බිදුණු සිය දෙපය වාරු කරගෙන මේ ක්‍රිකට් කණ්ඩායමට දායක වෙමින් රටට කීර්තිය ගෙන එමින් ඇත.

හිතට හයිය ඇති, බිඳුණු වත වාරු කරගෙන රට වෙනුවෙන් ඉදිරිපත් විය හැකි අවස්ථාවක් නිර්මාණය කර තිබෙන මෙම ක්‍රිකට් කණ්ඩායමට තවත් දක්ෂයන් එකතු කරගන්නට ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් සංගමය ගනිමින් සිටින ක්‍රීයාමාර්ග පහතින් දක්වා ඇත.

ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ ජාතික හා පළාත් සංචිත සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ පරීක්ෂණය – 2023 2024

උපතින් , හදිසි අනතුරකින් හෝ යුද්ධයෙන් ආබාධිත තත්වයට පත්වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ජාතික හා ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාමේ මුලික අරමුණු ඇතිව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැරා ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචිය සහිතව ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේ සිටම අප සංගමය විසින් පවත්වාගෙන යනු ලබයි.

මේ වන විට අප වෙත ලැබී ඇති අධික ඉල්ලුම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන පළාත් සංචිත 06ක් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ආරම්භ කිරීමට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයින් තෝරාගැනීමේ පරීක්ෂණය සිදු කරනු ලබයි.

දිනය :- 2023 අගෝස්තු මස 22 වන දින
වේලාව :- පෙ.ව 09.00 සිට ප.ව 04.00 දක්වා
ස්තානය :- BLOOMFILD ක්‍රීඩංගනය – කොළඹ

න්‍යාය පත්‍රය :-
පෙ.ව 9.00 – පෙ.ව 9.45 ක්‍රීඩක ලියාපදිංචිය

පෙ.ව 09.45 – පෙ.ව 10.30 – සමාරම්භ අවස්ථාව

පෙ.ව 10.30 – ප.ව 01.00 ක්‍රීඩක දක්ෂතා පරීක්ෂාව – ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතා

ප.ව 1.00 – ප.ව 1.45 – දිවා ආහාර

ප.ව 2.00 – ප.ව 3.00 – මූලික පුහුණු වීම් අභ්‍යාස – ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරු අනූෂ සමරනායක මහතා

ප.ව 3.00 – ප.ව 4.00 – ඉදිරි කටයුතු පිළිබද සාකච්චාව
ප.ව 4.00 – වැඩසටහන් නිමාව

මෙමගින් තෝරාගන්නා ක්‍රීඩකයන් බස්නාහිර , දකුණ , උතුර , වයඹ , උතුරු මැද හා මධ්‍යම යන පළාත් සංචිත වලට ගොනුකර පුහුණුවීම් සිදුකර 2023 දෙසැම්බර් මස අන්තර් පළාත් ප්‍රිමිය ලීග් තරගාවලියක් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරව දිරිවීමට කටයුතු කරන දිරිය මිනිසුන් හා එකතු වීමට කැමති ශාරිරික අභියෝගතා සහිත පුරවැසියන්ට ඒ සම්බන්ධයෙන් වන වැඩි විස්තර පහත දුරකතන අංක අමතා ලබා ගැනීමට හැකිය.

සභාපති ලක්ෂ්මන් ප්‍රනාන්දු – 0774185599
ජාතික සංවිධායක ගොයුම් ප්‍රභාත් රූපසේන 0718081831

මේ සමඟ ඇති ඡායාරූප උපුටාගෙන ඇත්තේ අවසාන වරට ඉන්දියාවේ පැවති තරගාවලිය ඇසුරෙන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...