Youtube වාර්තා කුඩුපට්ටම් කළ රොනාල්ඩෝ!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 22 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ නවතම Youtube නාලිකාව දියත් කර පළමු මිනිත්තු 90 තුළ මිලියනයකට වඩා ග්‍රාහකයින් ඔහුව සබ්ස්ක්‍රයිබ් කරමින් අපූරු වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

39 හැවිරිදි රොනාල්ඩෝ පස් වතාවක් Ballon d’Or ජයග්‍රාහකයා ලෙස සෞදි අරාබි සමාජය වන Al Nassr සඳහා ක්‍රීඩා කරන අතර දශක දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර තරඟාවලිවල පෘතුගාලය නියෝජනය කර ඇත.

“The wait is over. My @YouTube channel is finally here!” SIUUUUbscribe කර මා හා එක්වන්න, ”රොනාල්ඩෝ ඉකුත් බදාදා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබුණේ මෙලෙසිනි.

ඔහුගේ පළමු වීඩියෝව පළ කිරීමෙන් පැය කිහිපයකට පසු, ග්‍රාහකයින් මිලියන 1.69 ක් ඔහු සමඟ එක්ව තිබේ.

රොනාල්ඩෝට X වේදිකාවේ මිලියන 112.5 ක්, ෆේස්බුක් හි මිලියන 170 ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 636 ක් අනුගාමිකයන් ප්‍රමාණයක් මේ වනවිට සිටී.

ඔහු මෙම Youtube චැනලය ආරම්භ කළ දිනයේදීම ගෝල්ඩ් ප්ලේ බට්න් එකද ලබා ගැනීම තවත් අරුමයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...